මාවනැල්ල පදියදොර ප්‍රදේශයේ දී කසිප්පු රාජා නැමැති පුද්ගලයා සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා වූ මංගල නැමැත්තා විසින් කඩුවලින් කොටා බරපතල තුවාල සිදුකළ පොලිස් සැරයන්වරුන් දෙදෙනා මේ වනවිට මාවනැල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
පොලිස් වෙඩි පහරින් කසිප්පු රාජා මියගොස් ඇති අතර ඔහුගේ පුත්‍රයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
ප්‍රදේශයෙන් පලා ගිය මැරයා මත්ද්‍රව්‍ය චෝදනා රැසක් එල්ල වූ පුද්ගලයෙක් බවත් ජීව අත් බෝම්බයක් ලඟ තබා ගැනීමේ වරදට බන්ධනාගාරතව සිට මීට සතියකට පමණ පෙර ඇප පිට නිදහස්ව පැමිණ ඇති බවත් වාර්තා වේ.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මාවනැල්ල රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර තිබේ.
පලාගිය මැරයා සොයා මාවනැල්ල පොලිසිය විමර්ශන අරඹා ඇත.







