ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට හොරණ මොරගහහේන මාලොස්ඇල හන්දියේදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරචිගේ නයනානන්ද සහ පිළියන්දල ප්‍රදේශයේ වසන්ත පෙරේරා නැමැති දෙදෙනෙකි.
ඔවුන් සම්බන්ධ අපරාධ ඉතිහාසයක් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මේ පිළිබද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







