හැටන් රංජිත් රාජපක්ෂ –
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය පැවසිය.
මෙසේ අතුරුදහන් වි සිටියදි සොයාගනු ලැබුවේ නල්ලතන්නිය ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිවනාදන් අභිලාෂ් නැමති දරුවාය.
සිය දෙමව්පියන් සමග නොර්වුඩ් ඩන්කන් ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක ඊයේ දින පැවති විවාහ උත්සවයකට දරුවා පැමිණ ඇති බවත්, එම දරුවා ඊවේ දින රාත්‍රියේ නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි සිට ඇති බවට සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බව පොලිසිය කියා සිටියේ.
දරුවා අතුරුදහන් විම සම්බන්ධයෙන් දරුවාගේ දෙමව්පියන් සහ ඥාතින් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් පසු නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක්ව (18) දින උදැසන සිට සිදු කළ සොදිසි මෙහෙයුමකදි දරුවා සොයා ගැනිමට හැකි වූ බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
තම දරුවා ඊයේ (17) දින පස්වරුවේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි බවත්, පසුව දරුවාට ආහාර රැගෙන එන අවස්ථාවේ දරුවා එම ස්ථානයේ නොසිටි නිසා අසල්වාසින්ගේද සහය ඇතිව දරුවා සොයා වතුයායම සොදිසි කළ බවත් දරුවාගේ පියා කියා සිටියේ.
දරුවා සොය ගැනිමට නොහැකි වු නිසා නොර්වුඩ් පොලිසියේද සහය ඇතිව අද (18) උදැසන සිදු කළ මෙහෙයුමකදී තම දරුවා කඳු මුදුණේ ළදු කැළැවක කාණුවකට වැටි සිටි බව අතුරුදහන් වු දරුවාගේ පියා කියා සිටියේ.
දරුවා සොයගත් අවස්තාවේ දරුවා කුසගින්නේ සිටි බවත්, දරුවාට ආහාර පාන නොර්වුඩ් පොලිසිය විසින් ලබාදිමෙන් අනතුරුව දරුවා වැඩිදුර පරික්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද පොලිසිය පැවසිය.