නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිතව තිබී නැවත ජාතික පද්ධයට එක් කළ නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය නැවත වරක් අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීවේ ඊයේ (31) එම විදුලි ජනක යන්ත්‍රය යථා තත්ත්වයට පත් කළ කර ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව සඳහන් කළේය.
නැවත වරක් අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක විදුලිබලයක් අහිමි වන බවද ලංවිම ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර නොරොච්චෝලේ ජනන යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් විදුලිය විසන්ධි විය හැකි බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග අනතුරු අඟවා තිබේ.
නියමිත විදුලි කප්පාදුව සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ප්‍රකාශයට පත් කරන බවත් එම ආරංචි මාර්ග කියයි.







