කීර්ති ප්‍රනාන්දු –
මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා පමණක් ලක්විජය බලාගාරය තුන් වරක් බිඳ වැටී ඇති බවත්, මේ තත්ත්වය හිතා මතා සිදුකරනු ලබන්නේ දැයි සැකයක් ඇතිවන බවත් විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසයි.
![](http://lankasara.com/wp-content/uploads/2022/09/WhatsApp-Image-2022-09-21-at-13.22.26.jpg)
මාර්තු 31 වැනිදා ලක්විජය බලාගාරයේ තුන්වන අදියරේ සිසිලන ජල පොම්පය බිඳි ගොස් පද්දතියට මෙගා වොට් 190ක ධාරිතාවක් අහිමි වී ගිය බවත් අදත් එම ජනන යන්ත්‍රය නඩත්තුව සඳහා අක්‍රීය බව සංගමය පෙන්වා දෙයි..
එමෙන්ම අප්‍රේල් 2 දා පළමු අදියරේ ජනන යන්ත්‍රයේ සිසිලන ජලධාරිතාව ලබා ගන්නා පෙරණයේ දෝෂයක් හේතුවෙන් විදුලි ජනනය අඩාල වි ඇති අතර 03 වැනිදා එය යථාවත් කර තිබේ.
අප්‍රේල් 04 වැනිදා යලිත් ලක්විජය බලාගාරයේ දෙවැනි අදියරේ ජලය ලබා දෙන නල පද්ධතියේ දෝෂයක් නිසා අද දක්වා එය පවතින්නේ අක්‍රීය තත්ත්වයෙන් බව වාර්තා වේ.
ලංකාසර කළ විමසුමක දී විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ ,ජී.යූ. නිශාන්ත පැවසුවේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ට ස්වකීය වැඩකොටස කිරීමට අවස්ථාව විදුලි ඉංජිනේරු වාදය නිසා වැලකී යෑම මේ තත්ත්වයට හේතු වී ඇති බවය.
විදුලි ඉංජිනේරුවන්ගේ අධිකාරීවාදය ඉතාම නරක විදිහට විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වෙනවා. යාන්ත්‍රික ඉංජිනේරුවන්ට වැඩ කරන්න දෙන්නෙ නැ. සාලිය පණ්ඩිතරත්න වගේ අය යන තත්ත්වයට ඔවුන් පත් කළා. මෙහෙම කරන්නේ විදුලි ඉංජිනේරුවරු තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න.
ඔබ දකින්න ඇති විදුලිබල මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 19ක් බඳවා ගන්න දැන් ලෑස්ති වෙනවා. හැබැයි එහෙම කරන්නේ විදුලිබල මණ්ඩලය තුළ අදාල සුදුසුකම් සපුරපු විදුලි අධිකාරීවරු 174 දෙනෙක් සිටිද්දි.
ඒ අයට තමන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මත උඩට එන කිසිම ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලය තුළ නෑ. කළ හැකි එකම දේ බාහිර තරග විභාගයට පෙනී සිට අදාල උසස්වීම් ලබා ගැනීමයි. නමුත් දැන් ඒ අවස්ථාවත් නවත්වලා.”
රටේ ආර්ථික අර්බුදයක් පවතින වග කියනවා. විදුලිබල මණ්ඩයල පාඩු බව කියනවා. එහෙම කරද්දි 19 දෙනෙක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න හදනවා සුදුසුකම් ලබපු නිලධාරීන් 174ක් විදුලිබල මණ්ඩලය තුළ ඉද්දි.
අපි බොහොම ඕනෑකමින් කියනවා. ඒ තනතුරුවලට මණ්ඩලය තුළ ඉන්න සුදුසුකම් සපුරන ලද නිලධාරීන් බඳවා ගන්න. අපි ස්වේච්ඡාවෙන් ඒ තනතුරුවල වගකීම් ආවරණය කරන්න පොරොන්දු වෙනවා…”
විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත පැවසුවේය