බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපානයේ රැඳවුම් කඳවුරක මිය ගිය විශ්මාගේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට මුදා හැර ඇත්තේ සංස්කරණය කරලා… ජපන් අධිකරණ ඇමති කියයි!

by editor
අප්‍රේල් 8, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

දෙරණ –

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ පවසයි.

එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජපානයේ නගෝයාහි සංක්‍රමණිකයින් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස විශ්මා සඳමාලි ජීවිතයෙන් සමුගන්නේ 2021 වසරේදීය.

කෙසේවෙතත් විශ්මාගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැතිවීම ගැටලු සහගතවීම නිසා ඇයගේ පවුලේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විශ්මා රැඳීසිටි කාමරයේ CCTV දර්ශන ලබා දෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වන ජපාන රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 06 වනදා දක්වා විශ්මා රැඳීසිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ අවධානයක් හිමිවන්නේ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් එම දර්ශන පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ජපානයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟය.

මෙම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමග ඊයේ පස්වරුවේ ජපානයේ කැබිනට් හමුවෙන් අනතුරුව ජපාන අධිකරණ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසීමක් කර තිබුණි.

ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ මහතා,

“මෙම වීඩියෝ දර්ශන රජය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ දර්ශනයි. මෙම විඩීයෝ දර්ශන පැය 5ක පමණ කාලයක් වන අතර එම දර්ශන අධිකරණයේ විභාග කිරීමට නියමිතයි. මෙම වීඩියෝ දර්ශනවලින් කොටසක් පැමිණිලිකරු විසින් අනවසරයෙන් සංස්කරණය කර ඇති අතර එම දර්ශන ජනමාධ්‍ය වෙත ලබාදී මහජනතාවට මුදාහැර තිබෙනවා.”

මේ අතර විශ්මාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ හැකි බව ජපානයේ ශ්‍රී ලංකා කන්සියුලර් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොරොච්චෝලෙ කඩනවා ද කැඩෙනවා ද ?… විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය බලධාරීන්ගෙන් අසයි!

Next Post

දෙවුන්දර කැළෑ රොදකට චීන රේඩාර් මධ්‍යස්ථානයක් !

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.