ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදේශ ගතවන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමර්ග ගැනීමේදී අමාත්‍යංශයට බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තාවේ.
මෙසේ අමාත්‍යංශයට නොදන්වා විදෙස්ගත වුනු ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයවිය යුතු මුදල් නැවත අයකර ගාැනිමට යාමේදි ඇතැම් උසස් නිලධාරින් පැමිණ එයට බාධා පමුණුවන බව පැවසේ.
හොර රහසේ විදෙස් ගත වුණ වෛද්‍යවරුන්ගෙන් අයවිය යුතු මුදල් නැවත අයකර නොගන්නැයිද, ඔවුන් සම්බන්ධයෙන් විනය පියවර නොගන්නැයිද බලපෑම් කෙරෙනබව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
මේ හේතුවෙන් හොර රහසේ විදෙස්ගතව සිටින වෛද්‍යවරුන්ගෙන් රජයට අයවිය යුතු මුදල් නැවත අය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද පැවසේ.
කෙසේ නමුත් මේ හේතුවෙන් හොර රහාස් විදෙස්ගතවන වෛද්‍යවරුන්ගෙ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යා හැකි බවද මේ අනුව රජය විශාල මුදලක් අහිමි විය හැකි බවද සෞඛ්‍ය අමාතයංශය ආරංචි මාර්ග පෙන්වාදේ .







