අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය සෙන්පති මැදුරේ පොහොට්ටු මන්ත්‍රීවරු 3 එක්ව පැවැත්වූ සාදයක දී වෙඩි තැබීමක්…

by editor
පෙබරවාරි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නුවරඑළිය සෙන්පති මැදුරේ සිදුවූ වෙඩ් තැබීමක් සම්බන්ධව පොලිසිය පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

මෙම  වෙඩි තැබීම වාර්තා වන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් සමඟ පැමිණි 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්   නුවරඑළිය සෙන්පති මැදුරේ පැවති රාත්‍රී සාදයක් අතර තුරදීය.

වෙඩි තැබීම පසුගිය ජනවාරි මස 28 වැනිදා සිදුවී තිබුණත්  සිද්ධිය පිළිබඳ සෙන්පති මැදුරේ කළමනාකරු විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම්වත් කිරිමෙන් අනතුරුව  ඔහුගේ උපදෙස් මත  පොලිසියට පැමිණිළි කර තිබුනේ  පෙරේදා (04) ය.

පැමිණිලිකාර  කළමනාකරු මිලි මීටර් 9 වර්ගයට අයත් හිස් පතොරම් කොපු දෙකක්ද පොලීසියට ඉදිරිපත්කර තිබිණි. ඔහුට අනුව මෙම සාදය සඳහා පැමිණ ඇත්තේ පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන්වන   ගයාෂාන් නවනන්දන, නිමල් පියතිස්ස සහ මිලාන් ජයතිලක යන මහත්වරු සහ  ඔවුන් සමඟ පැමිණි 30 දෙනෙකුගෙන්  කණ්ඩායමකි.

ඔවුන්  පසුගිය ජනවාරි 28 වෙනිදා සෙන්පති මැදුරේ නවාතැන් ගෙන  එදින රාත්‍රී කාලයේ දී    සාදයක් පැවැත්වූ  බවත්    සාදය අතර තුර වෙඩි   ශබ්ද දෙකක්  ඇසුණු බැවින්  සාදය අවසන් වීමෙන් පසුව කළ සොයා බැලීමේදී මිලි මීටර් 9 වර්ගයේ හිස් පතොරම් කොපු දෙකක් එම ස්ථානයේ තිබී හමුවූ බවත් කළමනාකාරතැන පොලිසියට ප්‍රකාශ කර ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම වෙඩි තැබීම කවුරුන් විසින් කර තිබේද?, කුමක් අරඹයා සිදුකළේද? යන්න පිළිබදව කිසිවක් මෙතෙක් හෙළිවී නැති බව පොලිසිය කියයි.

මෙම සාදයට සහභාගිවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගේ ආරක්ෂකයින්ගෙන් මුලින්ම මේ ගැන ප්‍රකාශ සටහන්කරගෙන,   අනතුරුව ඒ අයගේ ගිනි අවි වලින් මෙම උණ්ඩ පිටවී තිබේදැයි  පරික්ෂා කර බලන බව පොලිසිය සඳහන් කරයි.

මෙම මන්ත්‍රීවරුන් සමඟ පැමිණි පිරිස කවුරුන්දැයි හදුනා ගැනීමට අවශ්‍ය විමර්ශන පවත්වා වෙඩි පත්තුවූයේ ඒ අය රැගෙන පැමිණි නීත්‍යානුකූල ගිනි අවියකින්ද එසේත් නැතිනම් නීත්‍යානුකූල නොවන ගිනි අවියකින්දැයි   සොයා බලන බවද පොලීසිය කියයි.

සාදය අතර තුර පත්තු වූ වෙඩි දෙක වැදුණු තැනක් මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැති බවත්අ, පරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් යොදවා සෙන්පති මැදුරේ සාදය පැවති ස්ථානය සහ ඒ අවට සියුම් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් නුවරඑළිය පොලීසිය සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න… මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් ගැන ඔහුගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි!

Next Post

චීනය ටිබෙටයේ කරන ඩී.එන්.ඒ ජාවාරමට එරෙහිව ඇමරිකාවේ විරෝධතාවක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.