ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ටිබෙට් සිසුන් පිරිසක් විසින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්න්තයේ ප්‍රදේශ දෙකක එක්සත් ජනපද සමාගමක් විසින් ටිබෙටයේ පොලිසිය වෙත ඩී.එන්.ඒ පරීක්ෂා කිරීමේ කට්ටල විකිණීමට සිය දැඩි විරෝධය පළකරනු ලැබීය.
එහිදී සිසුන් විසින් ටිබෙටය අත් නොතබනු යනුවෙන් සඳහන් විරෝධතා පුවරු සහිතව විරෝධතාවට එක්ව සිටි අතර එහිදී ඔවුහූ ටිබෙටයේ වැසියන්ට විදීමට සිදුව ඇති බරපත මානව හිමිකම් උල්ලංඝණය වීම් වලට එරෙහිව ජනතා අවධානය යොමු කිරීමට අපෙක්ෂා කළහ.
චීනය රජය විසින් ටිබෙට් වැසියන් මර්ධසනය කිරීමටත් ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝණය කීරීමට මෙම සමාගම එක්වූ පළමු අවස්ථාව නොවන බවටද විරෝධතා කරුවන් විසින් පෙන්වා දෙනු ලැබීය.
2022 සැප්තැම්බර් 5 වන දින හියුමන් රයිට්ස් වොච් විසින් චීනය: ටිබෙටයේ සමූහ එකතුව පිළිබඳ නව සාක්ෂි යන මාතෘකාවෙන් වාර්තාවක් නිකුත් කරන ලදී. ටිබෙටයේ අවුරුදු පහක් තරම් කුඩා දරුවන්ගේද ඩීඑන්ඒ එකතු කිරීමේ කටයුතු කරමින් සිටින අතර එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පුරවැසි විද්‍යාගාරය විසින් එම මාසයේම ප්‍රකාශයට පත් කරන ලද තවත් වාර්තාවකට අනුව, 2016 සිට චීන රජය විසින් ටිබෙට් ස්වයං පාලන ප්‍රදේශය ලෙස හඳුන්වන ටිබෙටයේ ප්‍රදේශවල ඩීඑන්ඒ සාම්පල නව ලක්ෂ දහනව දහස් දෙසිය අසූ දෙකත් දොලොස් ලක්ෂ හයදහස් නවසිය හැට දෙකක් අතර ප්‍රමාණයක් චීන බලධාරීන් එකතු කර ඇත. .
ටිබෙට් ජාතිකයන්ගෙන් රුධිර සාම්පල” ලබා ගැනීම සඳහා චීන නිලධාරීන් ක්ෂේත්‍ර, ආශ්‍රම, නේවාසික අසල්වැසි ප්‍රදේශ, ව්‍යාපාර සහ පාසල්වලට පවා ගිය බව වාර්තාව සොයා ගත්තේය.