ලලිත් චාමින්ද
මිට වසර 12කට පමණ ඉහතදි සොරකම් කරණු ලැබු කාර්රථයක් ඊයේ (05) රාත්‍රි වක්වැල්ල බන්ට් එක මත තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.
සිදුකරණු ලැබු විමර්ශනයේ දි මෙකි කාර්රථය පදවාගෙන පැමිණි පුද්ගලයාද අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.
වක්වැල්ල බන්ට් එක මතදි මෙම කාර්රථයේ රියදුරුවන සැකකාර පුද්ගලයා ඩොල්පින් වර්ගයේ වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පොලිසියට තොරතුරක් ලැබි තිබුණි. ඒ අනුව පොලිසිය විසින් කාර්රථය පරික්ෂාකොට ඇත.
කාර්රථයේ තිබු රක්ෂණ බලපත්‍රය ගෙන පරික්ෂාකිරිමේ දි එහි මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ නම සදහන් වි ඇත. නමුත් ඔහුට කාර්රථයක් තිබි නොමැති අතර මෙම ආදායම් බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් බවට විමර්ශනවලදි තහවුරු වි ඇත.
පසුව පොලිසිය විසින් කාර් රථයේ අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දේපාර්තමේන්තුවට ලබාදි කරණු ලැබු පරික්ෂාවේ දි කාර්රථය මිගහතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට තහවුරුවි ඇත. පසුව පොලිසිය විසින් එම කාන්තාවගෙන් මේ පිළිබද විමසා ඇත.
එහිදි ඇය සඳහන්කොට ඇත්තේ කාර්රථය 2011 වර්ෂයේ දි මුල්ලේරියාව ප්‍රදේශයේ දි සොරකම්කොට ඇති බවය. ඇය කාර්රථය තම මස්සිනාට ලබා දි 2009 වර්ෂයේ දි විදේශතවු බවත්. 2011 වර්ෂයේ දි මුල්ලේරියාව ප්‍රදේශයේ දි මස්සිනාගේ අත්පා බැද කාර්රථය සොරකම් කරගෙන ගොස් තිබු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදිවියේ පසුවන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පොලිසියට සඳහන් කොට ඇත්තේ ගොනගලපුර ප්‍රදේශයේ තිබි මෙම කාර්රථය තමන් විසින් රැගෙන ආ බවය.
කාර්රථයේ කාපට්එක යට යතුර ඇති බවත් කාර් රථය රැගෙන වක්වැල්ල බන්ට්එක මතට රැගෙන යන ලෙස විදේශතව සිටින මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අයෙකු විසින් තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවත් සැකකරු සදහන් කළ බව පොලිසිය පවසයි.
සැකකරුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කාර්රථය තිබු ස්ථානය අසල වැටි තිබි ඇත. පොලිසිය විසින් එම ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ජංගම දුරකථනය ලබා ගැනීම සදහා පොලිසියට පැමිණ ඇත. එම අවස්ථාවේ දි සැකකරු පොලිසිය විසින් පරික්ෂාකොට ඇති අතර එහිදි කාර් රථයේ යතුරු ඔහුගේ සාක්කුවේ තිබි හමුවි තිබේ.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් මේ පිළිබඳ තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
මෙකී කාර්රථය යොදාගෙන විවිධ අපරාධ සිදුකොට ඇති බවට පොලිසිය සැකකරයි. පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර ගේ මෙහෙයවිම මත වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.