කොළඹ-නුවර ප්රධාන මාර්ගය හෙට උදෑසන 9 දක්වා පහළ කඩුගන්නාවෙන් වසා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙලෙස කොළඹ-නුවර ප්රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමුණේ නායයාම් අවදානම හේතුවෙනි.
ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.
කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස,
1.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර
යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස,
1. කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා
2. කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොලඹ නුවර ප්රධාන මාර්ගයට පැමිණ කොළඹ යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.







