2010 අප්‍රියෙල් 19 වැනිදා ගැලනිගම අධිවේගි පිවිසුමේදී අත්අඩංගුවට ගන්නා ද ලොරි රථවල තිබී ඇත්තේ චීනයේ සිට ගෙන එන ලද විසිතුරු මසුන් තොගයක් බවත් ඒවා රාජගිරිය ප්‍රදේශයේ ට්‍රොපිකල් ෆිෂ් නම් ආයතනයට අයත් වන අතර වැඩි වෙලාවක් රඳවා තබා ගතහොත් මිය යන බැවින් උසස් පොලිස් නිලධාරියකු විසින් එම ලොරි නිදහස් කරන ලෙස නියෝග කර ඇති බවත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ සරත් විරසේකර අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනාවට ප්‍රතිචාර දක්වමින් තවුරටක් සඳහන් කළේ මන්ත්‍රිවරය ප සහ මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා විසින් ප්‍රකාශ කරන ලද පරිදි කිසිදු බුද්ධි නිලධාරියකු සහරාන් හමුවී නොමැති බවය. තමන් මේ සම්බන්දධයෙන් පවතින සියලු වාර්තා පරීක්ෂා කළ බවත් එම කාලය තුළ කිසිදු බුද්ධි නිලධාරියකු සහරාන් හමුව නැති බවත් ඔහු එහිදී අවධාරණය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගියදා පාර්ලිමේනතුවේදී සහරාන්ගේ බිරිඳගේ කටඋත්තර අනුව බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හමුව ඇති බව පිළිබඳව සරත් විරසේකර මහාගේ අවධානයට ලක් කරන ලද කරුණ ට ප්‍රතිචාර දක්වමිනි.
“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මේ සතිය මුලදී ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්‍කාර අමූලික බොරු ප්‍රකාශ කළේ බුද්ධි අංශ විනාශ කළේ ඔවුන්ගේ රජයයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු සෑම විටම බුද්ධි අංශ විනාශ කිරීමේ කාර්යයේ නිරත වූණා. ඔවුන් එය කළේ 2003 වසරේදීය. මිලේනියම් සිටි සිද්ධිය බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය කිරීමට පවා හේතු වුණා. මේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ජීවතුන් අතර සිටියා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වන්න තිබුණා. ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකු සිරියාවේදී ISIS පුහුණුව ලබා යළි දිවයිනට පැමිණ ඇති බව පවසමින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරියේ පසුගිය රජයයි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් බොරු කියා කතෝලික පියකුමන්ලා අවුල් කළා.“ යයි ද අමාතයවරයා තවදුරටත් පැවසීය.