මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් මරණයට පත් වී ඇතැයි අද (21) හෙළිදරවු විය.
මේ බව වාර්තා වූයේ අද සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ මහනුවර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
එහිදී වසංගත රෝගවිද්‍යාඥ පසන් ජයසිංහ විසින් වාර්තා කළේ මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි 2721 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇති බවත්, ඉන් 543 දෙනෙක් මියගොස් ඇති බවත්ය.
වහාම විධිමත් ක්‍රියාවලියකට නොයන්නේ නම් වැඩිහිටි ජන ප්‍රජාව බරපතල අවදානමකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව ද වසංගත රෝග විද්‍යාඥවරයා පැවසීය.