බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ්  අතරෙ “මාස්ක්“ නොදා පෙරහරේ ගිය හේතුව නිලමේ කියයි!

by editor
අගෝස්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික පෙරහර සම්ප්‍රදාය ගැන දියවඩන නිලමේවරයාත් මහ දේවාලය වූ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාත් හැරුණු විට හොඳින්ම දන්නේ තමන් මිස කතරගම දේවාලයේ බස්නායක නිලමේ වූ ගැමුණු බණ්ඩාර වළිසුන්දර නොවන බවත්, මුඛ ආවරණ නොපැළඳ පෙරහරේ ගමන් කළේ පෙරහර සම්ප්‍රදාය රකින්නට බවත් පසුගිය 18 වැනිදා රන්දෝලි පෙරහරේ විෂ්ණු දේවාල බස්නායක නිලමේ වරයා වෙනුවෙන් ගමන් ගත් අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ජයම්පති හීන්කෙන්ද ලංකාසරට පැවසීය.

මෙම නිලමේ වරුන් දෙදෙනාගේ ගැටුම නිසා ඉතිහාසයේ ප්‍රථම වරට ඓතිහාසික පෙරහර සම්ප්‍රදාය බිඳී තිබුණු බව පසුගිය 18 දා වාර්තා විය.

පෙරහර අවසානයේ සිවු මහා දේවාලවල නිලමේ වරුන් සංහිඳ යට දී හමුවී කෙරෙන අවසන් කෘත්‍ය කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් මගහැර යාම ඊට හේතුව ලෙස දැක්විනි.

එසේ නොපැමිණීමට එක් ප්‍රධාන සාධකයක් ලෙස කතරගම දේවාලයේ බස්නායක නිලමේ දක්වා තිබුණේ   විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වෙනුවට පෙරහරේ ගමන් කළ  ජයම්පති හීන්කෙන්ද මුඛ ආවරණ නොපැළඳ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට පෙරහරේ ගමන් කිරීමය. ඔහු එසේ ගමන් කර තිබුණේ විෂ්ණු දේවාලයේ නැටුම් කණඩායම් තුනක් කොවිඩ් ආසාදිතව සිටින අතර බවත් කතරගම දේවාලයේ බස්නාය නිලමේ වරයා කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වන ජයම්පති හීන්කෙන්ද මේ පිළිබඳව අද (21) ලංකාසරට මෙසේ පැවසීය.

“ පෙරහර සම්ප්‍රදාය ගැන කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට වඩා හොඳින් මා දන්නවා. මා අවුරුදු 19ක් පෙරහර කටයුතු සමග අඛන්ඩව කටයුතු කරනවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආවා ගියා තමයි. නමුත් ඔහු අවරුදු 37ක් එකදිගට මේ සම්ප්‍රදාය එක්ක හිටියෙ නෑ.“

“ පෙරහර සම්ප්‍රදාය එසේ මෙසේ දෙයක් නෙමෙයි. එය දේව බලයත්, විද්‍යාත්මක සම්ප්‍රදායත්, සොබා දහමත් එකට කැටි කළ ආශ්චර්යයක්. එහි ප්‍රතිඵල තමයි අපට ලැබෙන්නෙ. ඒ ආශීර්වාදය ආත්මය පුරාම යන එකක්.“

“ මුඛ ආවරණ දාන්නෙ මාළිගාවෙ මුරුතැන් පූජාව සඳහා පමණයි. දැන් තියන වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ඕන කියන එක පිළිගන්නවා. නමුත් අපි මේ පෙරහරේ ගමන් කරන්නේ කරඬුව දේව ආභරණ ආරක්ෂිතව නැවත දේවාලයට රැගෙන යන අදහසින්.  පෙරහරින් ශුද්ධ වූ ආශීර්වාදයක් වගේම ආරක්ෂාවක් ලැබෙනවා.“

“ මා කළේ සෞඛ්‍ය නීති කඩපු එක නොවෙයි. පෙරහර සම්ප්‍රදාය ආරක්ෂා කළ එක.  නැතිව පුරාජේරුව රටට පෙන්වූ එක නොවෙයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

විකෘති ඩෙල්ටා ප්‍රභේද එන්නත අභිබවා නෑ…  මහාචාර්ය නීලිකා මලවිගේ…

Next Post

කොවිඩ් වැළඳුණු නුවර සෑම වැඩිහිටියන් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් මිය ගිහින්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.