හමුදා නිලධාරින් කණ්ඩායමක් රැගත් වෑන් රථයක් අද (20) අළුයම කොළඹ නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී හමුදා නිලධාරීන් 05 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලටට ඇතුළත් කර තිබේ.
එක් නිලධාරියෙක් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් 06 දෙනෙක් රාජකාරි කටයුත්තක් සඳහා ගිරිතලේ හමුදා කඳවුර වෙත යමින් සිටිය දී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් යුද හමුදා මාණ්ඩලකි සැරයන්වරයෙක්, සැරයන්වරයෙක්, කෝප්‍රල්වරුන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
බවුසර් රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







