හැටන් රංජිත් රාජපක්ෂ –
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් අලුතින් පත්වීම් ලබා පැමිණි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිමට තැත් කළ බවට එම වෛද්‍යවරිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට වාචිකව පැමිණිලි කර ඇත.
එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වෙනත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නොමැති නිසා නුවරඑලිය දිස්ත්‍රික්කයට අලුතින් පත්විම් ලද එම වෛද්‍යවරිය යොමු කිරීමට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබුණි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් අවස්ථා කිහිපයකදි තමන්ට ලිංගික බලපෑම් සිදු කළ බවත්, එවැනි තත්ත්වයක් මත තවදුරටත් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තමන්ට සේවය කිරිමට නොහැකි නිසා දිස්ත්‍රික්කය තුළම වෙනත් රෝහලක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට තමන්ව යොමු කරන ලෙසටත් එම වෛද්‍යවරිය විසින් කරන ලද ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් එම වෛද්‍යවරියව දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශිය රෝහලට මාරු කර යවා ඇත.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් අනුව වෛද්‍යවරියට ලිංගික බලපැම් සිදු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව විනය පියවර ගැනිමට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින් පියවර ගනිමින් සිටියි.







