දිනසේන රතුගමගේ
-
ධීවරයින් 07 දෙනෙකුට බරපතල තුවාල සිදුකර ලක්ෂ ගණනක දේපල සහ මසුන් කොල්ල කාලා…
-
තමන්ට පහර දුන්නේ ශ්‍රී ලංකා ධීවරයින් හෝ නාවික හමුදාව නොවන බවට ඉන්දීය ධීවරයෝ කියති… කොල්ලකරුවන් පැමිණ ඇත්තේ අධිවේගී යාත්‍රාවකින්!
ඉන්දියාවේ රාමේස්වරන් සිට නීති විරෝධී ලෙස උතුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසකට පහර දී ඇති මුහුදු කොල්ලකරුවන් පිරිසක් එම ධීවරයින් සතුව තිබූ රුපියල් ලක්ෂ ගණනක දේපල හා මසුන් ඊයේ ( 3 ) කොල්ල කා පලා ගොස් තිබේ.
අධිවේගී යාත්‍රාවකින් පැමිණි මෙම මුහුදු කොල්ලකරුවන් ඉන්දීය ධීවරයින් පැමිණි බෝට්ටුවේ මග හරස් කොට ඊට ඇතුලු වී ඉන්දීය ධීවරයින්ට පිහියකින් ඇනීමත් පහර දීමත් සිදු කොට තිබේ.
මෙම ප්‍රහාර වලින් ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් ධීවරයින් තුන් දෙනෙකු මුහුදට පැන වෙනත් යාත්‍රාවක එල්ලී ප්‍රහාරයෙන් බේරී තිබේ.
පහරකෑමට ලක් වූ ඉන්දීය ධීවරයින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන්ට පහර දෙනු ලැබුවේ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවක සිටි පිරිසක් හෝ නාවික හමුදාවේ කණ්ඩායමක් නොවන බවයි.
අනිවාර්යෙන්ම සම්පත් කොල්ලකෑමේ අරමුණින් මුහුදු කොල්ලකරුවන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.
ඉන්දීය ධීවරයින් සතුව තිබූ ජංගම දුරකතන රන් භාණ්ඩ ජී.පී.එස්. යන්ත්‍ර ද මෙම කොල්ලකරුවන් විසින් පැහර ගෙන ගොස් ඇත.
පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු ඉන්දියාවේ නාගයි ඔරතූර් ප්‍රදේශයේ රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.







