මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වන විජිත කුමාර නැමැති අය කාර්යාලය තුළදී සුරාබදු නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සහ බලපෑම් කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව සුරාබදු නිලධාරියෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව සුරා බදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂක, නිලධාරි බ්‍රයන් නානායක්කාර විසින් පොළොන්නරු පොලිසියට ඊයේ (13) සවස පැමිණිලි කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ පොළොන්නරුව සුරාබදු කාර්යායේ නිලධාරීන් විසින් බැණ තර්ජනය කර ඇති බවට නීතිඥවරයෙකුගේ ඥාතියෙකු විසින් ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
සුරාබදු නිලධාරීන් විසින් සිරිපුර ප්‍රදේශයේ සිදුකර වැටලීමකදී මදනමෝදක හා ගුලි 16ක් සමග සිරිපුර පාසල ඉදිරිපිට අත්අඩංගුවට ගත් පස්දෙනෙකු සුරාබදු මැදිරියේ රඳවා සිටියදි, ඒ අතර සිටි තම ඥාති පුතෙකු නිදහස් කරන ලෙසට ඉල්ලීම් කළ නීතිඥයාගේ අනීතික ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු සුරාබදු නිලධාරීන්ට බැණ තර්ජනය කර බව, පොළොන්නරුව සුරාබදු ස්ථානාධිපති, සංජීව කුමාරසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.
නීතිඥවරයා 13 වෙනිදා සවස පොළොන්නරුව සුරාබදු කාර්යාලයට, කඩා වැදි තම ඥාති පුතා නිදහස් කරන ලෙසට බලපෑම් බැණ තර්ජනය කර රාජකාරියට බාධා කර ඇති බවද මහතා කීවේය.
මදන මෝදක සහ ගුලි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අවුරුදු 17 සහ 25 යන වයසේ පසු වන්නන් බවත්, ඔවුන් අද (14) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් සංජීව කුමාරසිංහ වැඩිදුරටත් කීවේය.
සිද්ධිය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.