නිහඬ කාලය තුළ සමාජ මධ්‍ය මගින් දේශපාලන ප්‍රචාර නොකරන ලෙස මැතිවරණ කොමිසම දන්වා සිටී.
නිහඬ කාලය සෑම මාධ්‍යයකටම වලංගු බව ප්‍රකාශ කරන මැතිවරණ කොමිසම සමාජ මාධ්‍යය හැසිරීම පිළිබඳව කටයුතු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව පවසයි.
දේශපාලන ප්‍රචාරණ කටයුතු විශේෂ නිරික්ෂණයකට භාජනය කර කඩිනම් නීතිමය පියවර ගැනීමට කණ්ඩායම් කීපයක්ම යොදවා ඇති බව ද කොමිසම ප්‍රකාශ කරයි.







