නිවාඩුව සඳහා නිවසට පැමිණ සිටි කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ මිතුරෙක් ඊයේ (15) රාත්‍රියේ කපා කොටා ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය වී ඇත්තේ උදියාවල දඹදෙණියේ පදිංචි ඩබ්ලියු.ඒ.ටී.එම්.බණ්ඩාර ( 42) සහ ඔහුගේ මිතුරා බව කියන කසුන් පුෂ්පකුමාර (39) නැමැත්තෙකි.
මෘත ශරීර දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්දධයෙන් ගල්පිල්ල දඹදෙණියේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් සොයා ගිරඋල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.