බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායනයට වංගු දැමූ ආසාදිත රුසියානුවා රටට කියා දුන් පාඩම

by editor
සැප්තැම්බර් 25, 2020 - Updated on සැප්තැම්බර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

කොවිඩ් ආසාදිතව හිඳ මාතර දී හමුවූ රුසියානුවා මෙතෙක් අප නුදුටු අපේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ පැවති දැවැන්ත සිදුරක් පෙන්වා දී ඇත. මත්තල ගුවන්තොටුපලේ දී PCR පරීක්ෂණය කළ බව කියන, ඉන් දින 10කින් පසු මාතර ආසිරි රෝහලේ කළ PCR පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බව කියන, ඊයේ සවස හම්බන්තොට රෝහලෙන් කළ PCR පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදනය වී නැති බව කියන මේ රෝගියා සම්බන්ධ කතාව මේ වනවිට උභතෝකොටිකයක් බවට පත් වී ඇත.

දැන් මාතර තත්වය

මේ ලියන මොහොත වනවිට මාතර ජන ජීවිතය යම් තිගැස්මකට ලක් වී ඇත. පොල්හේන වෙරළේ දිවාකාලය මුලුමනින්ම ජනශූන්‍ය වී තිබිණි. හෝටල් වසා දමාය. සංචාරකයන් මේ කලාපයෙන් බැහැර වී සිටියහ.

මේ බියපත් වීමට හේතුව  මත්තලින් රටට පැමිණි පසු රජය කියන ආකාරයට හෝටලයක් තුළ නිරෝධායනය වෙමින් සිටි කණ්ඩායමකි. ඔවුන්ගෙන් අයෙකුට කොවිඩ් ආසාදනය වූ බව කියැවිනි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

නිරෝධායන ක්‍රියාවලියක දී කොවිඩ් ආසාදිතයෙක් හමුවීම සමාජය කැළඹෙන අරුමයක් නොවේ. එසේම  නිරෝධායනයක දී රෝගියෙක් හමුවූ විට හෝටලයේ කාර්ය මණ්ඩලයට අමතරව ඔවුන්ගේ පවුල්වල අය නිරෝධායනය වෙන්නේ නැත.  මහපාරේ හයර් යන ත්‍රී රෝද රථ රියදුරන්, වෑන් රථ රියදුරන් නිරෝධායනය වන්නේ නැත.   නමුත් ඔවුන් පමණක් නොව ඔවුන්ගේ  පවුල් ද නිරෝධායනය වෙමින් ය. නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි කී විට අවට තිබෙන සුපර් මාර්කට් වලට ගොස් ආසාදිතයන්  හා ගැටුණු පුද්ගලයන් සොයා යන්නට අවශ්‍ය නැත.  දැන් සුපර් මාර්කට් පමණක් නොව හෝටලය අවට සිල්ලර කඩත් නිරෝධායනයේ ය. ඒ ඔවුන්ගේ පවුල් පිටිනි. සිදු වී ඇත්තේ අහවල් කුණුහරපයක් දැයි රට විමසන්නේ මේ තත්වය තුළය.

මේ වනවිට හොටල් කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල අය,   ත්‍රී රෝද රථ රියදුරෙක් සහ ඔහුගේ පවුලේ අය, වෑන් රථ දෙකක රියදුරන්  පමණක් නොව අසල සිල්ලර කඩයක් ද පවුල පිටින් නිරෝධායනයේ ය. නිරෝධායනය කළ මුළු පිරිස 153 දෙනෙකි.

නිරෝධායනය කළ හෝටලය

නිරෝධායනයේ සිදුර

නිරෝධායනයට ලක් කළ විදේශිකයෙක් දින 14ක් සිටිය යුත්තේ තමන්ගේ කාමරයේය. හෝටල් සේවකයන් ඔවුන්ට සේවා සැපයිය යුත්තේ ආරක්ෂිත ඇඳුම් සහිතවය. ඔවුන්ට හිතු මතේ නිවෙස්වලට යා නොහැකිය. යා යුත්තේ දින 14ක් නිරෝධායනයට ලක් වීමෙන් අනතුරුවය.

නිරෝධායනය වෙමින් සිටියේ යැයි කියන මේ විදේශිකයන් දින 10 පුරාම ගත කර ඇත්තේ වත්ත වටේ ඇවිදිමිනි. වෑන් රථවලින් ත්‍රී රෝද රථවලින් හතර අතේ යමිනි. හෝටල් සේවකයන් හිතූ හිතූ වෙලාවට මගට බැස ඇවිදිමිනි. නිවෙස්වෙත යමිනි. කිසිම විද්‍යානුකූල නිරෝධායනයක් සිදු වී නොතිබුණු මේ අමන හැසිරීමේ ප්‍රතිඵළ එන්නේ පසුගිය බදාදා (23) මේ කණ්ඩායමේ එක් පුද්ගලයෙක් කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීමෙනි.

මේ පිරිස නිරෝධායනයේ සිදුවූ බරපතල අවුල කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ මෙම නිරෝධායනය සිදු වූ හෝටලය සෞඛ්‍යය අංශ, අනුමත කළ එකක් නොවන බවය. නිරෝධායන ක්‍රියාවලිය තුළ සක්‍රීයවන ත්‍රිවිධ හමුදාව හෝ සෞඛ්‍ය අංශ මෙම හෝටලය ගැන දැනගෙනවත් සිට නැති බවය.

සෞඛ්‍ය අංශ හෝ ත්‍රිවිධ හමුදාව නොදැනුවත්ව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන ලංකාවේ ඇතැයි සිතන්නට,   ගුවන්තොටුපලකින් එවැනි තැනකට විදේශිකයන් යොමු කරන්නට කටයුතු කරනවා  යැයි සිතන්නට අපට බල කරනවා නම් ඒ ගැන සිතා බලන්නට අපට ටිකක්   කාලය අවශ්‍යය. දැනට හිතාගත හැකි ඉතාම සරල කාරණාව මේ පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර නැති බවය.

“මේ හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බවට සෞඛ්‍යය අංශ හෝ ත්‍රිවිධ හමුදාව දැනුවත් කරලා නෑ.. විදේශයක සිට එන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම දවස් 14ක් නිරෝධායනය විය යුතුයි. කාමරයෙන් එළියට එන්න බෑ. හෝටල් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතුයි. සේවය කරන අතර තුර ඔවුන්ට නිවෙස්වලට යනන් බෑ. නිවෙස් වලට යන්න කලින් ඔවුන් දින 14ක් නිරෝධායනය විය යුතුයි. එහෙත් මේ කිසි දෙයක් වෙලා නෑ. මේ අය වැඩ කරන ගමන් නිවෙස්වලට ගිහින් තියනවා. විදේශික කණ්ඩායම සමාජයේ නිදහසේ සැරිසරලා තියනවා. මෙය කිසිසේත් අනුමත කරන්න බැරි තත්වයක්.“ විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ කීවේය.

තුන්වන  PCR පරීක්ෂණය

දෙවන PCR පරීක්ෂණය සිදුකරන්නේ මාතර ආසිරි රෝහලෙනි. කණ්ඩායමේ 10 දෙනාගෙන් එක් අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු කරන්නේ එම පරීක්ෂණය මගිනි.  මේ ආසාදිත තත්වය මාතර නාගරික වෛද්‍ය නිලධාරී අචලා දමයන්ති තහවුරු කළාය.  මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වරයා තහවුරු කළේය.

WhatsApp Video 2020-09-25 at 210215 from Lankasara on Vimeo.

මාතර කඹුරුගමුව කොටුපල රෝහල මෙතෙක් පැවතියේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් කරය. එය නවීන පහසුකම් සහිතව මේ වසංගතය සඳහාම වැඩි දියුණු කර තිබිණි. කොවිඩ ආසාදිත බව කී රෝගියා කොටුපල රෝහලට නොයවා කිලෝමීටර 78ක් දුර හම්බන්තොට රෝහලට ගෙන ගියේය. තුන්වන  PCR පරීක්ෂණයේ ප්‍රතිඵළ ඊයේ සවස පැමිණියේය. එම වාර්තාවට අනුව රෝගියාට කොවිඩ් 19 වෛරසයේ ආසාදන ස්වරූපයක් නැත.

මාධ්‍යය විසින් හම්බන්තොටින් පැමිණි   මේ පරීක්ෂණ වාර්තාව ගෙනහැර දක්වමින් රුසියානු රෝගියා කොවිඩ් ආසාදිත තත්වයක නොවන බව ඒත්තු ගැන්වීමේ වෑයමක නිරතවනු අද සවස් වරුවේ දක්නට ලැබිණි. එහෙත් රජය කොවිඩ් ආසාදිතයෙකු විවෘත සමාජයේ හැසිරුණු විට ඒ පිළිබඳව ක්‍රියාත්මකවන  ආකාරයටම   සිය ක්‍රියාන්විත දියත් කරමින් සිටියේය.

“ තුන්වන PCR පරීක්ෂණයේ දි වෛරසය හඳුනා ගත්තෙ නෑ. ඉන් පැහැදිලි වන්නේ වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් විශාල වශයෙන් පිටවීමක් සිදු වී නැති බවයි. ඉන් පැහැදිලි වන්නේ ඔහුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිරීමේ අවදානම අඩු බවයි. “ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ කියන්නේ එසේය. රෝගියාට කොවිඩ් ආසාදනය වී නැති බව මේ විද්වතුන් කියන්නේ නැත.

එහෙත්  ඊයේ පෙරේදා නොබියව පවතින තත්වය පැහැදිලි කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරිය, මහජන සෞඛ්‍ය පරික්ෂවරු අද සවස් වනවිට කට අරින්නේ නැත.

කුමක් හෝ නොතේරෙන දෙයක් සිදුවෙමින්  ඇත.  එහෙත් අප ඉදිරියේ ඇත්තේ සෙල්ලමක් නොවේ. බලය හෝ වෙනත් හැකියාවන් මත ලබා දිය හැකි ප්‍රතිපාදන තිබේ. එහෙත් කොවිඩ් වැනි ලෝක වසංගත තත්වයක් මර්ධනය කිරීම ලෝකයේ වගකීමක්ව ඇති මොහොතක ඊට වංගු දැමීම අවසන් විය හැක්කේ ජාතික ව්‍යසනයකිනි. මාතර දී හමුවූ ආසාදිත රුසියානුවා අපට කියා දෙන බිහිසුණු පාඩම එයය.

 

Tags: කොවිඩ්-19නවතම
Share69Tweet43
Previous Post

ගිලා බැස්ස ලෙව්කේ ගෙදර ආයතන ගණනකට තරු පෙන්වන ලකුණු

Next Post

ළමයින්ට හදිකළ ගුරාට ගම්මුන්ගෙන්  අමතක නොවන පාඩමක්….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.