fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායනයට වංගු දැමූ ආසාදිත රුසියානුවා රටට කියා දුන් පාඩම

වසර 2ක් ago
in පුවත්
516 5
0
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

කොවිඩ් ආසාදිතව හිඳ මාතර දී හමුවූ රුසියානුවා මෙතෙක් අප නුදුටු අපේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ පැවති දැවැන්ත සිදුරක් පෙන්වා දී ඇත. මත්තල ගුවන්තොටුපලේ දී PCR පරීක්ෂණය කළ බව කියන, ඉන් දින 10කින් පසු මාතර ආසිරි රෝහලේ කළ PCR පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බව කියන, ඊයේ සවස හම්බන්තොට රෝහලෙන් කළ PCR පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදනය වී නැති බව කියන මේ රෝගියා සම්බන්ධ කතාව මේ වනවිට උභතෝකොටිකයක් බවට පත් වී ඇත.

දැන් මාතර තත්වය

මේ ලියන මොහොත වනවිට මාතර ජන ජීවිතය යම් තිගැස්මකට ලක් වී ඇත. පොල්හේන වෙරළේ දිවාකාලය මුලුමනින්ම ජනශූන්‍ය වී තිබිණි. හෝටල් වසා දමාය. සංචාරකයන් මේ කලාපයෙන් බැහැර වී සිටියහ.

මේ බියපත් වීමට හේතුව  මත්තලින් රටට පැමිණි පසු රජය කියන ආකාරයට හෝටලයක් තුළ නිරෝධායනය වෙමින් සිටි කණ්ඩායමකි. ඔවුන්ගෙන් අයෙකුට කොවිඩ් ආසාදනය වූ බව කියැවිනි.

නිරෝධායන ක්‍රියාවලියක දී කොවිඩ් ආසාදිතයෙක් හමුවීම සමාජය කැළඹෙන අරුමයක් නොවේ. එසේම  නිරෝධායනයක දී රෝගියෙක් හමුවූ විට හෝටලයේ කාර්ය මණ්ඩලයට අමතරව ඔවුන්ගේ පවුල්වල අය නිරෝධායනය වෙන්නේ නැත.  මහපාරේ හයර් යන ත්‍රී රෝද රථ රියදුරන්, වෑන් රථ රියදුරන් නිරෝධායනය වන්නේ නැත.   නමුත් ඔවුන් පමණක් නොව ඔවුන්ගේ  පවුල් ද නිරෝධායනය වෙමින් ය. නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි කී විට අවට තිබෙන සුපර් මාර්කට් වලට ගොස් ආසාදිතයන්  හා ගැටුණු පුද්ගලයන් සොයා යන්නට අවශ්‍ය නැත.  දැන් සුපර් මාර්කට් පමණක් නොව හෝටලය අවට සිල්ලර කඩත් නිරෝධායනයේ ය. ඒ ඔවුන්ගේ පවුල් පිටිනි. සිදු වී ඇත්තේ අහවල් කුණුහරපයක් දැයි රට විමසන්නේ මේ තත්වය තුළය.

මේ වනවිට හොටල් කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල අය,   ත්‍රී රෝද රථ රියදුරෙක් සහ ඔහුගේ පවුලේ අය, වෑන් රථ දෙකක රියදුරන්  පමණක් නොව අසල සිල්ලර කඩයක් ද පවුල පිටින් නිරෝධායනයේ ය. නිරෝධායනය කළ මුළු පිරිස 153 දෙනෙකි.

නිරෝධායනය කළ හෝටලය

නිරෝධායනයේ සිදුර

නිරෝධායනයට ලක් කළ විදේශිකයෙක් දින 14ක් සිටිය යුත්තේ තමන්ගේ කාමරයේය. හෝටල් සේවකයන් ඔවුන්ට සේවා සැපයිය යුත්තේ ආරක්ෂිත ඇඳුම් සහිතවය. ඔවුන්ට හිතු මතේ නිවෙස්වලට යා නොහැකිය. යා යුත්තේ දින 14ක් නිරෝධායනයට ලක් වීමෙන් අනතුරුවය.

නිරෝධායනය වෙමින් සිටියේ යැයි කියන මේ විදේශිකයන් දින 10 පුරාම ගත කර ඇත්තේ වත්ත වටේ ඇවිදිමිනි. වෑන් රථවලින් ත්‍රී රෝද රථවලින් හතර අතේ යමිනි. හෝටල් සේවකයන් හිතූ හිතූ වෙලාවට මගට බැස ඇවිදිමිනි. නිවෙස්වෙත යමිනි. කිසිම විද්‍යානුකූල නිරෝධායනයක් සිදු වී නොතිබුණු මේ අමන හැසිරීමේ ප්‍රතිඵළ එන්නේ පසුගිය බදාදා (23) මේ කණ්ඩායමේ එක් පුද්ගලයෙක් කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීමෙනි.

මේ පිරිස නිරෝධායනයේ සිදුවූ බරපතල අවුල කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ මෙම නිරෝධායනය සිදු වූ හෝටලය සෞඛ්‍යය අංශ, අනුමත කළ එකක් නොවන බවය. නිරෝධායන ක්‍රියාවලිය තුළ සක්‍රීයවන ත්‍රිවිධ හමුදාව හෝ සෞඛ්‍ය අංශ මෙම හෝටලය ගැන දැනගෙනවත් සිට නැති බවය.

සෞඛ්‍ය අංශ හෝ ත්‍රිවිධ හමුදාව නොදැනුවත්ව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන ලංකාවේ ඇතැයි සිතන්නට,   ගුවන්තොටුපලකින් එවැනි තැනකට විදේශිකයන් යොමු කරන්නට කටයුතු කරනවා  යැයි සිතන්නට අපට බල කරනවා නම් ඒ ගැන සිතා බලන්නට අපට ටිකක්   කාලය අවශ්‍යය. දැනට හිතාගත හැකි ඉතාම සරල කාරණාව මේ පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර නැති බවය.

“මේ හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බවට සෞඛ්‍යය අංශ හෝ ත්‍රිවිධ හමුදාව දැනුවත් කරලා නෑ.. විදේශයක සිට එන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම දවස් 14ක් නිරෝධායනය විය යුතුයි. කාමරයෙන් එළියට එන්න බෑ. හෝටල් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතුයි. සේවය කරන අතර තුර ඔවුන්ට නිවෙස්වලට යනන් බෑ. නිවෙස් වලට යන්න කලින් ඔවුන් දින 14ක් නිරෝධායනය විය යුතුයි. එහෙත් මේ කිසි දෙයක් වෙලා නෑ. මේ අය වැඩ කරන ගමන් නිවෙස්වලට ගිහින් තියනවා. විදේශික කණ්ඩායම සමාජයේ නිදහසේ සැරිසරලා තියනවා. මෙය කිසිසේත් අනුමත කරන්න බැරි තත්වයක්.“ විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ කීවේය.

තුන්වන  PCR පරීක්ෂණය

දෙවන PCR පරීක්ෂණය සිදුකරන්නේ මාතර ආසිරි රෝහලෙනි. කණ්ඩායමේ 10 දෙනාගෙන් එක් අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු කරන්නේ එම පරීක්ෂණය මගිනි.  මේ ආසාදිත තත්වය මාතර නාගරික වෛද්‍ය නිලධාරී අචලා දමයන්ති තහවුරු කළාය.  මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වරයා තහවුරු කළේය.

WhatsApp Video 2020-09-25 at 210215 from Lankasara on Vimeo.

මාතර කඹුරුගමුව කොටුපල රෝහල මෙතෙක් පැවතියේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් කරය. එය නවීන පහසුකම් සහිතව මේ වසංගතය සඳහාම වැඩි දියුණු කර තිබිණි. කොවිඩ ආසාදිත බව කී රෝගියා කොටුපල රෝහලට නොයවා කිලෝමීටර 78ක් දුර හම්බන්තොට රෝහලට ගෙන ගියේය. තුන්වන  PCR පරීක්ෂණයේ ප්‍රතිඵළ ඊයේ සවස පැමිණියේය. එම වාර්තාවට අනුව රෝගියාට කොවිඩ් 19 වෛරසයේ ආසාදන ස්වරූපයක් නැත.

මාධ්‍යය විසින් හම්බන්තොටින් පැමිණි   මේ පරීක්ෂණ වාර්තාව ගෙනහැර දක්වමින් රුසියානු රෝගියා කොවිඩ් ආසාදිත තත්වයක නොවන බව ඒත්තු ගැන්වීමේ වෑයමක නිරතවනු අද සවස් වරුවේ දක්නට ලැබිණි. එහෙත් රජය කොවිඩ් ආසාදිතයෙකු විවෘත සමාජයේ හැසිරුණු විට ඒ පිළිබඳව ක්‍රියාත්මකවන  ආකාරයටම   සිය ක්‍රියාන්විත දියත් කරමින් සිටියේය.

“ තුන්වන PCR පරීක්ෂණයේ දි වෛරසය හඳුනා ගත්තෙ නෑ. ඉන් පැහැදිලි වන්නේ වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් විශාල වශයෙන් පිටවීමක් සිදු වී නැති බවයි. ඉන් පැහැදිලි වන්නේ ඔහුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිරීමේ අවදානම අඩු බවයි. “ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ කියන්නේ එසේය. රෝගියාට කොවිඩ් ආසාදනය වී නැති බව මේ විද්වතුන් කියන්නේ නැත.

එහෙත්  ඊයේ පෙරේදා නොබියව පවතින තත්වය පැහැදිලි කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරිය, මහජන සෞඛ්‍ය පරික්ෂවරු අද සවස් වනවිට කට අරින්නේ නැත.

කුමක් හෝ නොතේරෙන දෙයක් සිදුවෙමින්  ඇත.  එහෙත් අප ඉදිරියේ ඇත්තේ සෙල්ලමක් නොවේ. බලය හෝ වෙනත් හැකියාවන් මත ලබා දිය හැකි ප්‍රතිපාදන තිබේ. එහෙත් කොවිඩ් වැනි ලෝක වසංගත තත්වයක් මර්ධනය කිරීම ලෝකයේ වගකීමක්ව ඇති මොහොතක ඊට වංගු දැමීම අවසන් විය හැක්කේ ජාතික ව්‍යසනයකිනි. මාතර දී හමුවූ ආසාදිත රුසියානුවා අපට කියා දෙන බිහිසුණු පාඩම එයය.

 

Join @lankasara on Telegram Channel
Tags: කොවිඩ්-19නවතම
Previous Post

ගිලා බැස්ස ලෙව්කේ ගෙදර ආයතන ගණනකට තරු පෙන්වන ලකුණු

Next Post

ළමයින්ට හදිකළ ගුරාට ගම්මුන්ගෙන්  අමතක නොවන පාඩමක්….

Related Posts

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

ජූලි 1, 2022

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

ජූලි 1, 2022

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…
  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!
  • ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…
  • අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….

ජනප්‍රිය පුවත්

  • ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

    247 shares
    Share 99 Tweet 62
  • කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

    200 shares
    Share 80 Tweet 50
  • බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

    208 shares
    Share 83 Tweet 52
  • මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

    203 shares
    Share 81 Tweet 51
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    172 shares
    Share 69 Tweet 43
  • සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය ඉවරයි… ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා එක්වර ගිවිසුම්ගත වෙයි…..

    202 shares
    Share 81 Tweet 51

Highlights

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….

ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

මැතිව්ස් ට කොවිඩ්….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

by editor
ජූලි 1, 2022
0

ක්‍රිකට් අනියත බව දිමුතු ඇතුළු ශ්‍රි...

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

by editor
ජූලි 1, 2022
0

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist