කොවිඩ් ආසාදිත රෝගීන්ට නියමිත පීඩනයෙන් යුතුව ඔක්සිජන් ලබා දීම සඳහා අවශ්‍ය උපකරණයන් නොමැති වීම හේතුවෙන් රෝගීන් මිය යන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස් මැදිවත්ත මහතා සදහන් කරයි.
හුස්ම ගැනීමට අපහසු රෝගීන්ට දින කීපයක් ඔක්සිජන් ලබා දුන්නද ඔහුන්ට නියමිත පීඩනයකින් ඔක්සිජන් ලබා දීමේ හැකියාවක් නොමැති වීමෙන් ඔවුන්ට ජීවිතයෙන් සමුගැනීමට සිදුවීම බලවත් ඛේදවාචකයක් යැයිද ඔහු අවධාරණය කරයි.
මේ වන විට කොළඹ ජාතික රෝහල තුල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සදහා වාට්ටු 17ක් වෙන් කර ඇති නමුත් රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම හරහා මේ වන විට අනෙකුත් වෛද්‍ය වාට්ටුවලද කොවිඩ් රෝගීන් රඳවා ගැනීමට කටයුතු කරන බවද ඔහු පෙන්වාදේ.
මේ අනුව ජාතික රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සෑම වෛද්‍ය වාට්ටුවකම රැඳවීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම සාමාන්‍ය රෝගීන්ද කොවිඩ් ආසාදිතයින් බවට පත්විම වැලැක්විය නොහැකි යැයිද මැදිවත්ත මහතා සදහන් කරයි.