සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිහිපිට අපායෙන් අප ගලවා ගන්නා සැබෑ දෙවිවරුන්ට ආශිර්වාද කරන්නැයි චම්පික ඉල්ලයි

by Lanka Sara Editor
අගෝස්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ වැඩිම මෙහෙවර ඉටුකරන වෙද හෙද සුව කාර්ය මණ්ඩලයත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සියලුම සුව සේවා ප්‍රජාවටත් ගෞරවය අභිමානය පිරිනැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම අදහස් දක්වමින් කියා සිටියේ සෑම රෝහලකින්ම ප්‍රකාශ වන කරුණු අනුව මේ රට තුළ හදිසි තත්ත්වයක් මතුව ඇති බව ය.

කිසිදු ආකාරයක පූර්ව සැලසුම් කිරීමකින් තොරව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නො තකා වත්මන් ආණ්ඩුව මුග්ධ ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් රටට දැනෙමින් තිබෙන බව හෙතෙම කියා සිටී.

සංඛ්‍යාලේඛන කුමක් ප්‍රකාශ කළ ද වත්මන් ආණ්ඩුවේ ම විවිධ පාර්ශව විසින් පෙන්නුම් කරන පරිදි ආසාදිතයන් සහ මිය යන පිරිස පිළිබඳ සංඛ්‍යා ආණ්ඩුව ප්‍රකාශ කරන දත්තවලට වඩා කීප ගුණයක් වැඩි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ලෝකයේ ඉහළින්ම ආසාදිත ප්‍රමාණයට සාපේක්ෂව මියයන කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවේ. ‘අපි තමයි හොඳටම කළේ’ යැයි උද්දච්ච බස් දෙඩූවත් අපි තමයි නරකටම කරලා තියෙන්නේ කියන එක ගැන දැන් කිසිම සැකයක් නෑ. ඒ වගේම සංඛ්‍යාලේඛන විද්‍යාව වලින් තවදුරටත් මේ රට රවට්ටන්න බෑ මොකද මේ රටේ පවුල් ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ ඉන්නේ සෑම පවුලකටම දැන් දැනිල තිබෙනවා තමන්ගේ හිත මෙතෙක් ඥාතීන් ආසාදිතයකු බව ඒ වගේම මේ රටේ ගම්මාන 14000ක් පමණ තිබෙනවා. ඒ ගම්මානවල ඉන්න සෑම කෙනාටම දැනිලා තියෙනවා තමන්ගේ කවුරුහරි ප්‍රදේශවාසියෙක් මේ ගොවි ආසාදනය නිසා සෘජුව හෝ වක්‍රව මිය ගිහින් තිබෙන බව. මේක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි රටම අපායක් රටම මලගෙයක්.

අපිට පේනවා රෝහල් කාර්ය මණ්ඩල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විඳින දුක. මෙහි වැඩිම වේදනාව විඳින්නේ සුව සේවයේ අය. මේ දුක කවදා ඉවර වෙයිද කියලා කියන්න බැහැ. මේ අයට මේ සමාජයෙන් ලැබිය යුතු ගෞරවය ලැබෙන්නේ නෑ.

එදා මේ රටේ යුද වාතාවරණයක් තිබ්බ අවස්ථාවේදී බස් එකේ යන විට රණ විරුවාට සීට් එක දෙන තරමට ඔවුන්ට ගෞරව දැක්වූවා. ඔවුන්ට ශක්තියක් වූවා. රණවිරුවන්ට ලෙන්ගතු වුණා ඒ කළ ගලවා ගැනීමට.

අද මේ අපායෙන් අපිව ගලවගන්න ඉන්න මිහිපිට එකම දෙවිවරු තමයි මෙහි වෙද හෙද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය. ඒ කාර්ය මණ්ඩලයට අද ඒ ගෞරවය ලැබෙනවද? අද විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට ගරු කරලා පියවර ගන්න මේ රටේ ආණ්ඩුවට බැරි උනාට මේ රටේ සමහර නගරවල වැසියෝ වෙළෙන්දෝ තමන්ගේ ආර්ථිකයට මුලින් මිනිස් ජීවිත තියලා කටයුතු කරනවා.

අපි කාරුණිකව මේ රටේ සමාජයෙන් ඉල්ලනවා, අපි අපේ වෙද හෙද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සුව සේවාවේ කාර්ය මණ්ඩලය රැකගමු. ඒ අය වෙනුවෙන් අප කරන්න පුළුවන් හැකි උපරිමය කරමු. අපේ උපරිම අධ්‍යාත්මික ශක්තිය ඒ අයගේ ශක්තියට අපි ගොනු කරමු. අපේ ගෞරවය අපේ ධෛර්ය ලබාදෙමු. එළඹෙන පොහොය දිනයේ දී ඔබට සෞඛ්‍ය නීතිවලට අනුකූලව කළ හැකි සෑම ආශිර්වාදයක්ම අපගේ වෙද හෙද මහජන සෞඛ්‍ය පරීක්ෂක සුව කාර්ය මණ්ඩලයට ලබාදෙමු. මගතොටේදී හැමතැනදිම ඔවුන්ට ඔබේ ගෞරවය ලබාදෙන්න. කලාකරුවනි, ඔබගේ ගීත ඔවුන් වෙනුවෙන් ලියන්න. නිර්මාණ ඔවුන් වෙනුවෙන් බිහි කරන්න. බෞද්ධ කිතුනු ඉස්ලාම් සියලු නායකයින්ගෙන් සියලුම ආගමික මධ්‍යස්ථානවලින් අප ඉල්ලනවා ඉදිරියට ඇවිල්ලා ඔබේ ආශිර්වාදය ඔවුන්ට ලබාදෙන්න. ඒ වගේම මේ රෝගයෙන් මිය යමින් සිටින ආසාදිත ව සිටින අපේ ජනතාවට ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සේවකයන් 400 ඉවත් කර කණ්ඩලම හෝටලය මුලුමනින් වසා දමයි…

Next Post

තිබෙන ඔක්සිජන් ටිකත් හරියට දෙන්න උපකරණ නැතිව රෝගීන් මැරෙනවා… සමස්ත ලංකා හෙද සංගමය කියයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.