දිනසේන රතුගමගේ –
ජාතික නිදහස් දිනයට විරෝධය පල කරමින් යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සංවිධානය කොට තිබේ.
ජාතික නිදහස් දිනය දෙමළ වැසියන්ට ශෝක දිනයක් ලෙස නම් කොට ඇති ඔවුන් විරෝධතා පා ගමන යන මාර්ගය ඇතුලු උතුරේ නිවෙස් වල කලු කොඩි එසවීමට තීරණය කොට ඇත.
මෙම විරෝධතා පා ගමන සදහා වවුනියාව යාපනය මන්නාරම මුලතිව් හා කිළිනොච්චිය යන පළාත් වල සියලුම ස්වේච්ඡා සංවිධාන වල සහය ලබා දෙන ලෙස යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ඉල්ලීමක කොට තිබේ.
යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා රැලිය ගමන් කිරීමෙන් පසුව මඩකලපුවේදී ජනතා සහභාගිත්වයෙන් මහජන රැලියක්ද පැවැත්වීමට නියමිතව ඇත.







