දිනසේන රතුගමගේ –
ස්විස්ටර්ලන්තයේදී ඊයේ (23) සිදු වූ රිය අනතුරකින් යාපනයේ පදිංචිව සිටි පියෙකු හා පුතෙකු මියගොස් තිබේ.

යාපනයේ සුසිපුරම් ප්රදේශයේ පදිංචිව සිටි මෙම පවුල මෑත කාලයේදී ස්විස්ටර්ලන්තයට ගොස් ඇත. ස්විස්ටර්ලන්තයේ ශන්ත ගැලන් ප්රදේශයේ පිහිටි අධිවේගී මාර්ගයකදී පුතා විසින් පදවා ගෙන ගිය මෝටර් රථය පෙරළී යාම නිසා පියා හා පුතා යන දෙදෙනාම මියගොස් තිබේ.
පෙරළී ගිය මෝටර් රථය මාර්ගයේ පසෙක වූ යකඩ ඇන්දක වැදී නතර වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තනපාලසිංහම් කන්නන් (69 ) හා කන්නන් සුරේෂ් (34 ) යන දෙදෙනාය.
මෝටර් රථය පදවා ගෙන ගිය පුතා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මෙම අනතුරෙන් ඔවුන් ගමන් කල මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව එය කුඩු පට්ටම් වී ගොස් ඇත.







