ශ්‍රීපුර – තිස්සපුර ප්‍රදේශයේ ගඟක දිය නෑමට ගිය අවුරුදු 12ක සහ 15ක කුඩා දරුවන් දෙදෙනෙකු ඊයේ (01) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලිසිය ප්‍රකාශ කර සිටියේ ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇති ළමුන් ශ්‍රීපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ තිස්සපුර, ශ්‍රීපුර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකි.
මෙම දරුවන් ගසකින් ගඟට පනිමින් සිටියදී හිස් එකිනෙක ගැටීමෙන් දියේ ගිලී මිය ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.







