අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් කොටින්ගෙන් බේරීමට ගත් ආයුධ අන්තවාදයට සහ කොල්ලකෑමට භාවිත කරලා

නැගෙනහිර හිටපු ඩී.අයි.ජී පාස්කු කොමිසමේ දී කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් කොටි ත්‍රස්තවාදය පැවති සමයේදී ඔවුන් සමඟ ගැටීමට බව පවසමින් අවි ආයුධවලින් සන්නධ වූ බවත් පසුව මෙම කණ්ඩායම් මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කිරිමට සහ මෙම ගිනි අවි භාවිත කරමින් මංකොල්ල කෑම් ආදිය සිදු කිරීමට නැඹුරු වූ අතර එම පළාතේ ජනතාව එම්.එල් ඒ. එම් හිස්බුල්ලාගේ දේශපාලන බලය හමුවේ ඊට එරෙහිව පැමිණිලි කිරීමට බියක් දැක්වූ බව නැගෙනහිර පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා ඊයේ (13) පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.

එම කාලයේ රු. 35,000 ක් 45,000 ක් අතර වටිනාකමකින් යුත් රට ඉඳි ගස් ගෙනවිත් නැගෙනහිර මාර්ගවල මැද කොටස ඉවත් කළ එම ස්ථානවල සිටුවීමට මූලිකත්වය ගනු ලැබුවේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවද බවයි.
එමෙන්ම එම කාලය තුළ සීඝ්‍රෙයෙන් පල්ලි ඉදිවිම සහ කාන්තාවන් කළු අබාය ඇඳිම සිදුකළ බවද එඩිසන් මහතා කොමිසම හමුවේ ආනාවරණය කළේය.

එමෙන්ම තමන්ට නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18 ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු වාර්තා වු බවද එම තරුණ පිරිස් අන්තවාදි ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම්, කප්පම් ගැනිම්, මිනිමැරුම් සිදුකිරිමට කටයුතු කළ බවයි සඳහන් කළේ.

මෙම ඇතැම් කණ්ඩායම්වලට හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලඥයන් ගණනාවකගෙන් සහය ලද බවත් වරක් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරද්දී හිස්බුල්ලා, අතාවුල්ලා, රිෂාඩ් බදූර්දීන්, අමීර් අලි යන දේශපාලකයන් මැදිහත් වී තමන් එම පළාතෙන් මාරු කිරීමට බලපෑම් කළ බවද ගුණතිලක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොමිසම ඔවුන්ගෙන් විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා ආයුධ ලැබුණේ කෙසේද යන්නයි?

ඊට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කළේ බෂිර් සේගු දාවුද් ගෙන් ලද මුදල්වලින් කරුණා අම්මාන්ගේ කණ්ඩායම් සතුව තිබු T56 අවිආයුධ ලබාගත් බවය.

කරුණා අම්මාන් සහ පිල්ලයාන් වැනි නැගෙනහිර හිටපු එල්.ටී.ටීඊ නායකයින් තමන්ට රජයට අවි භාර දීමට ලා දී තිබූ සහන කාලයේදී අක්‍රිය ත්තත්වයේ පවතින අවි ආයුධ පමණක් භාර දී කුඩා පිස්තෝල සහ හොඳ මට්ටමේ අවි අයුද තමන් ළඟ තබා ගත් බවද ගුණතිල්ක මහතා එහ6ිදී විස්තර කළේය.

එමෙන්ම යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත තුළ ජිහාඩ් සංවිධාන නම් සංවිධාන තුළ පිබිදිමක් ඇතිවු බවත් මොවුන් නීතිය පිළිපැදීම වෙනුවට හෙල්මට් භාවිත නොකිරිම, කණ්ඩායම් වශයෙන් පොලිසියට පහරදීම වැනි දේවල් සිදුකළ බවත් තමන් මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරද්දී තමන්ට ඊට අවස්ථාව හිමිනොවු බවයි.

මැතිවරණය වැනි සිදුවීම් හේතුවෙන් ආයුධ අත්අඩංගුවට ගැනීම සිදු නොකරන ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දන්වා සිටි අතර හිස්බුල්ලා විසින් අන්තවාදි සංවිධාන සඳහා ආයුධ ලබාදීම සිදුකළ බව සඳහන් කළ ගුණතිලක මහතා තමන් නීතිය ක්‍රියාත්මක කිරිම දැඩිකළ නිසා හිස්බුල්ලා, අමිර් අලි, අතාවුල්ලා සහ රිෂාඩ් බදියුදීන් එක්ව තමන් නැගෙනහිර පළාතෙන් ඉවත් කළ බවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙසේ වුවද හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා මේ අන්තවාදි කණ්ඩායම් බිහිවීම වැළැක්වීම සඳහා උපදෙස් ලබා දුන් අතර මේ අන්තවාදීන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තර්ජනයක් වන බවත් භයානක කොටසක් බව පැවසු බවද ඒ මහතා කොමිසම හමුවේ තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20 පාර්ලිමේන්තුවට ගෙන ඒම තවත් කල් යයි…

Next Post

රුසියාව අත්හැරීමේ ‘අත්වැරැද්ද’ ගැන වෛද්‍ය සභාව තුළ යළි කැළඹීමක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.