සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව අත්හැරීමේ ‘අත්වැරැද්ද’ ගැන වෛද්‍ය සභාව තුළ යළි කැළඹීමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු වෛද්‍ය විශ්ව විද්‍යාල තුනකින් පිරිනමන වෛද්‍ය විද්‍යාව උපාධිය මෙරට තුළ පිළිනොගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය අත්වැරැද්දකින් සිදු වූ බවට අද සවස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ එම සභාවේම ඇතැම් සාමාජිකයන් විමතිය පළ කරති. මහාචාර්යවරයා එහිදී සඳහන් කළේ මෙම අත්වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරන බව සහ අවසන් තීරණය අමාත්‍යවරයා විසින් ගනු ලබන බවය.

රුසියානු රජය මගින් මෙරට සිසුන්ට නොමිලේ ශිෂ්‍යත්ව පිරිනමන සුප්‍රකට ලුලුම්බා සරසවිය, නිරෝගොව් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්ව විද්‍යාලය, වර් රාජ්‍ය විශ්ව විද්‍යාලය යන මෙම වෛද්‍ය විශ්ව විද්‍යාල තුලින් පිරිනමන වෛද්‍ය විද්‍යා උපාධිය මේ අනුව පිළිනොගැනීමට වෛද්‍ය සභාව තීරණය කර තිබිණි.

මේ පිළිබඳ පුළුල් කතාබහක් නිර්මාණය වූ අතර මීට ප්‍රතිචාර දැක්වූ රුසියානු තානාපති කාර්යාලය පසුගිදාය මෙම තීරණය පිළිබඳ තම නොසතුට පළ කළේය.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රුසියානු විශ්වවිද්‍යාල බලධාරින් බලධාරීන් සමඟ සාකච්ඡා කරන අතරතුර මේ ආකාරයෙන් කිසිදු පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව රුසියානු විශ්වවිද්‍යාලය 3 ක වෛද්‍ය විද්‍යාව උපාධි පිරි නොගැනීමට තීරණය කර ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වසර 50 ක පමණ කාලයක් තිස්සේ රුසියාව හා ශ්‍රී ශ්‍රි ලංකාව අතර පවතින සබඳතා මත මෙම ශිෂ්‍යත්ව පිරිනමන බවත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු වෛද්‍ය ශිෂ්‍යයන් ගණනාවකට පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි .

මේ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතාගෙන් ලංකාසර කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම විශ්ව විද්‍යාල පාඨමාලා අන්තර්ගතය ශ්‍රී ලංකාවේ නවතම සෞඛ්‍ය පරාමිතීන් සමඟ නොගැලපෙන හෙයින් වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විදේශ අධ්‍යයන කමිටුව මගින් වාර්ෂිකව සිදු කරනු ලබන ඇගයීම් ක්‍රියාවලියේ දී මෙම රුසියානු විශ්වවිද්‍යාල ත්‍රිත්වය ලබාදෙන වෛද්‍ය උපාධිය මෙරට පිළිනොගැනීමට නිර්දේශකර තිබු බවය.

එම නිර්දේශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාකච්ඡා කොට එහි බහුතර සාමාජිකයන් ඊට එකඟතාව පළ කළ බව ඔහු පැවසීය.

එසේ වුව ද මෙම තීරණය සම්බන්ධයෙන් පසුගිය දින දෙක තුළ රට තුළ විවිධ අදහස් ද පැන නැගුණු අතර ඊයේ සවස සිරස නිවුස් ෆස්ට් වෙත ප්‍රකාශයක් දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසුවේ මෙය අත්වැරැද්දකින් සිදු වූ දෙයක් බැවින් එය වහා යළි සකස් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වුවද වුවද මහාචාර්ය වරයාගේ මේ හදිසි ප්‍රකාශය සම්බන්ධයෙන් විමතිය පළ කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කළ වෛද්‍යවරයෙක් සඳහන් කළේ එය කිසිසේත් අත්වැරැද්දකින් නොවන ඉතා පුළුල් ලෙස ඇගයීමට ලක් කොට ගත් තීරණයක් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් කොටින්ගෙන් බේරීමට ගත් ආයුධ අන්තවාදයට සහ කොල්ලකෑමට භාවිත කරලා

Next Post

පාර අවහිර කර වාහන නවත්වා දියේ ගිලී මිය යන තරුණිය වීඩියෝ කළ රියදුරන් 15කට දඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.