ලලිත් චාමින්ද –
රුපියල් මිලියන 1626කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 65කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින යාත්‍රාවක් හා මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරිම සඳහා සහාය වු බවට සැක කරන තවත් බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 11 දෙනෙකු දකුණු මුහුදු තිරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව් නාවික හමුදාව පවසයි.
දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ දුරින් වු දකුණු මුහුදු තිරයේ දි මෙම වැටලිම සිදුකොට ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය උර තුනක බහා ප්‍රවාහනය කරමින් තිබි ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බුද්ධි සේවාවන් එක්ව දකුණු මුහුදු තිරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් පරික්ෂාකරණු ලැබිය.
එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගයක් සහිත උර තුනක් (03) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනු ලැබිය., එසේ අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා දෙක , සැකකරුවන් එකොළොස් දෙනා සහ මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරණු ලැබිය.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28 ත් 52 ත් අතර වියේ පසුවන අය වන අතර ඔවුන් මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙති. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය සැකකරුවන් එකොළොස් දෙනා සහ බහුදින ධීවර යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කරනු ලැබිය..
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත, 2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 4800 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇති බවද නාවික හමුදාව පවසයි..