දිනසේන රතුගමගේ
මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලට ගොඩ ගසා තිබූ මළ සිරුර ඉන්දීය ධීවරයෙකුට අයත් නොවන බවත් එය බංග්ලාදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් බවත් අද (20) අනාවරණය වී තිබේ.
ගොඩ ගසා තිබූ මළ සිරුරේ පපු ප්‍රදේශයේ තෙළිගු අක්ෂරවලට සමාන අක්ෂර තිබීම නිසා මුලතිව් පොලීසිය හා ධීවර පරීක්ෂක නිලධාරීන් අනුමාන කළේ එම මළ සිරුර ඉන්දීය ධීවරයෙකුට අයත් බවයි.
එහෙත් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට මෙම මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව තොරතුරු සම්බන්ධීකරණය මත එම සිරුර බංග්ලාදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් බවට බංග්ලාදේශයේ තානාපති කාර්යාලය තහවුරු කොට තිබේ.
මළ සිරුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කළ මුලතිව් විනිසුරුවරයා අදාල කාර්යාලයක නිලධාරියෙකු පමිණි පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කොට එම ධීවරයාගේ මළ සිරුර නීත්‍යානුකූලව බාර දීමට පියවර ගන්නා ලෙස පොලීසියට නියෝග කොට තිබේ.
මුලතිව් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.