ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 986 ක් හෙරොයින් ග්‍රෑම් 586ක්, අයිස් ග්‍රෑම් 180ක්, ගංජා කිලෝ 40යි ග්‍රෑම් 500ක්, මාවා කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 100ක් , කුෂ් ග්‍රෑම් 204ක්, මදන මෝදක ග්‍රෑම් 63ක් සහ මත්පෙති 44 ක් අත් අඩංගුවට ගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 667 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 319 ක් සමගින් මුළු සැකකරුවන් 986 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 667 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 18 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇතැයි අමාත්‍යාංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 ක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි එම නිවේදනයේ සඳහන්ය.
එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 319 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 57 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 249 ක්ද ඇතැයි අමාත්‍යාංශය කියයි .
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 9 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.