බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලයෙන් පළි ගන්නවා… ඉරාන ජනපති සපථ කරයි!

by editor
ජනවාරි 21, 2024
in පුවත්
Ebrahim-Raisi

 ඊබ්‍රහීම් රයිසි...

Share on FacebookShare on Twitter

ඉරානයේ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පස් දෙනෙකු ඝාතනය කරමින් සිරියානු අගනුවරට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරට ඊශ්‍රයාලයට නිසැක නිසි පිළිතුරක් දෙන  බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහතික කර පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ප්‍රහාරයට වගකිව යුතු බවය. මෙම ප්‍රහාරයෙන් සිරියානු හමුදා සාමාජිකයින් ගණනාවක් ද ඝාතනය කර ඇති බව ඔහු දැනුම් දුන්නේය.

මෙම ප්‍රකාශය සම්බන්ධව  ඊශ්‍රායලය අදහස් දක්වා නැත. වසර ගණනාවක් තිස්සේ  සිරියාවේ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ඊශ්‍රයාල  ප්‍රහාර එල්ල කර තිබේ.   ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට එවැනි ප්‍රහාර උත්සන්න වී ඇත.

ඉරාන  ජනාධිපති සිය නිල වෙබ් අඩවියේ  ප්‍රකාශයක් කරමින් පවසන්නේ  දිවි පිදූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බවය.

මෙම ඝාතනවලට  පළිගැනීම  ජනාධිපතිවරයා විසින් සපථ කළේය. ඔහු ප්‍රකාශ කළේ  ඉරානයේ කීර්තිමත් උපදේශකයින් පස් දෙනෙක් බියගුලු ලෙස ඝාතනය කර ඇති බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී සහ සාපරාධී ක්‍රියාවක් බව පවසන ඉරාන ජනාධිපතිවරයා  එය ඊශ්‍රයාලයේ    මංමුලා සහගතභාවයේ සහ දුර්වලකමේ උච්චතම අවස්ථාව පෙන්නුම් කරන බව වැඩිදුරටත් දන්වා ඇත.

“එයට පිළිතුරු නොදී ඉන්නේ නැත,” …ප්‍රකාශයේ සඳහන් වේ.

ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ “ආක්‍රමණශීලී සහ ප්‍රකෝපකාරී” ක්‍රියාවක් වන අතර  එම තත්ත්වයන්  හෙළා දකින ලෙස ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන සහ ආර්ථික බලවේගයක් වන ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය  වර්ෂ  2011 දී සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට සිරියාවේ සිටියේය.  ඒ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව පැතිර ගිය කැරැල්ලට එරෙහිව බෂාර් අල් – අසාද් ට  සහාය වීම සඳහාය. .

සෙනසුරාදා ප්‍රහාරය එල්ල වූයේ Mazzeh අසල්වැසි ප්‍රදේශයක්වන  නිරිතදිග ඩැමස්කස්හි, හමුදා ගුවන් තොටුපළක් පිහිටි ප්‍රදේශයක් වෙතය.  දමස්කස් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, තානාපති කාර්යාල සහ ආපනශාලා පිහිටා තිබී ඇත්තේ එම ප්‍රදේශයේ ය.

ඉරානයේ අර්ධ නිල Mehr ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ප්‍රහාරවලින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ රාජකාරි කරන  සිරියාවේ බුද්ධි අංශ ප්‍රධානියා සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා මෙන්ම අනෙකුත් ආරක්ෂක සාමාජිකයින් ද මෙම ප්‍රහාරයෙන්  මිය ගිය බවය.

එක්සත් රාජධානිය පදනම් කරගත්   මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ ආයතනය පැවසුවේ ප්‍රහාරවලින් විප්ලවවාදී ආරක්ෂක බලකායේ නායකයින් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය ආකාරය ය.

රාජ්‍ය පාලනය යටතේ පවතින සිරියානු අරාබි පුවත් ඒජන්සිය හමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියා සිටියේ සමහර මිසයිල නැවැත්වීමට තමන් සමත් වූ නමුත්  ප්‍රහාරය එල්ල වූයේ  නේවාසික ගොඩනැගිල්ලකට  බවය.

ඉන් ගොඩනැගිලි විනාශ වී සමහර සිවිල් වැසියන් ද මරණයට පත් වූ බවත් තුවාල වූ බවත් ඔහු සඳහන් කර ඇත. (බීබීසී)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්තියේ පැය 24ක ප්‍රතිඵලය.. සැකකරුවන් 986යි…  අයිස් ග්‍රෑම් 180යි… හෙරොයින් ග්‍රෑම් 586යි.. ගංජා කිලෝ 40යි.. මාවා කිලෝ 1යි…

Next Post

ඔන්ලයින් පනතට එරෙහිව ජාති ආගම් භේදවලින් තොරව රටපුරා විසිරුණු සිවිල් සංවිධාන සහ විද්වත්හු එක මිටට රොක් වෙති!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.