බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදාවට ගහන්න නවීණ යාත්‍රා මිලදී ගැනීමට රාජපක්ෂලා කොටින්ට මුදල් දුන්න හැටි ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන හෙළිදරව්ව…

by editor
මැයි 3, 2025
in පුවත්
sarath
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය රාජපක්ෂලා බලය ලබා ගැනීමට සිදුකළ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව හිටපු හමුදාපතිවරයා ලෙස තමන්ට සහතික කළ හැකි බවත්, හතලිස් අට දහසක් සුනාමි ව්‍යසනයෙන් මිය ගොස් රට මළගෙයක් වූ අවස්ථාවක ඒ ව්‍යසනයෙන් රට ගොඩනැගීම සඳහා ලැබුණ ආධාර මුදල් සොරකම් කළ මිනිස්සුන්ට, රටේ ජාතික හමුදාවක් විනාශ කිරීම සඳහා සතුරු හමුදාවට නවීන මෙහෙයුම් යාත්‍රා මිලදී ගැනීමට ඩොලර් මිලිියන ගණන් ලබා දුන් මිනිසුන්ට බලය සඳහා පුද්ගලයින් 250ක් ඝාතනය කිරීම බරපතල ගැටලුවක් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේය.

මීමැස්සෝ TV යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා නාවික හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා නවීන යාත්‍රා මැලේසියාවෙන් මිලදී ගැනීමට රාජපක්ෂලා උදවු කළ ආකාරය ගැන බැසිල් රාජපක්ෂ තමන්ට කී කතාවක් හෙළිදරවු කරමින් මෙසේ ද පැවසුවේය.

මේ කතාව මට කිව්වෙ බැසිල්. බැසිල් මගේ පන්තියෙ හිටපු මිත්‍රයා. ඒ දවස්වල මම හමුදාපති ඉද්දි බැසිල් මාත් එක්ක ඉතාම සම්බන්ධයි.

ජනාධිපති ආරක්ෂක ලේකම් කාර්යාලයේ තිබ්බා බැසිල් රාජපක්ෂගේ පොඩි ඔෆීස් එකක්. මේ කියන දවස්වල යුද්ධය යනවා. චීනයේ 2008 බීජින් ඔලිම්පික් තිබ්බා. ඒ කාලෙදි අපට චීනෙන් පතොරෝම් එව්වේ නෑ. මොකද ඒ අය හිතුවා බටහිර රටවල් ඔලිම්පික්වලට සහභාගී වෙන එකක් නෑ මේ යුද්ධයට ආයුද සැපයීම නිසා කියලා. ඒ නිසා නැවු එන එක නතර වුනා.

මම ගිහින් ආරක්ෂක ලේකම් ගෝඨාභයට මේ ප්‍රශ්නය කිව්වා. දැන් චීනෙන් පතොරොම් එන්නේ නෑ. මට පකිස්ථානයෙන් පතොරොම් ගෙන්නා ගන්න පුලුවන් වේවි. ඩොලර් මිලියන 100ක් විතර යයි පතොරොම් ගෙන්නා ගන්න. දෙන්න පුලුවන් ද කියලා. ගෝඨාභය කිව්වේ සරත්.. චීනයෙන් අපිට ණයට පතාරොම් දෙන්නේ. මම කොහොමද ඔයාට ඩොලර් මිලියන 100ක් දෙන්නේ කියලා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දැන් යුද්ධය නවත්වන්න වෙලා තියනවා. ඒ අවස්ථාවේදි ආරක්ෂක අමාත්‍යාංශයේ කොනක තියනවා බැසිල්ගේ කාමරයක්. මම එතෙන්ට ඇවිදගෙන ගිහින් මේ කාරණාව කිව්වා. ඒ වෙලාවෙම එයා පිබී ජයසුන්දරට කතා කරලා කිව්වා ඩොලර් මිලියන 100ක් හමුදාපතිට දෙන්න කියලා. මම පකිස්ථාන යුද හමුදාපතිට කතා කළා. එයාට අපට දෙන්න පුලුවන් වෙලා තිබුණේ ඩොල්ර මිලියන 65ක පතොරොම්. අපි ඒ මුදලට පතොරොම් ගෙන්නා ගත්තා.

මේ ඉල්ලීම කරන්න මම බැසිල් හම්බවෙන්න ගිය වෙලාවේ සුහදව අපි කතා කරගෙන ඉන්නකොට බැසිල් මට කිව්වා මෙහෙම කතාවක්. මම අහලත් නෙමෙයි. ඔහුමයි මේ කතාව පටන් ගත්තේ සුහදව.

මේ 2004 ඡන්දය. ඔහු මට කියනවා ඔහු ප්‍රභාකරන්ගෙන් ඇහුවලු උතුරේ ඡන්දෙ දාන එක නවත්වන එකට අපට ආධාර කරන්න පුලුවන්. අපෙන් මොනවද වෙන්න තියෙන්නේ කියලා.

එතකොට ප්‍රභාකරන් කියලා තියනවා මට මේ බෝට්ටු ටික ගන්න ඕන මැලේසියාවෙන්. මට ඩොලර් මිලියන දෙකක් ඕන කියලා.

ඒ වෙනකොට මේ මැතිවරණයට වියදම් කරන්න අසල්වැසි ප්‍රබල රාජ්‍යයකින් ඒ ගොල්ලන්ට හම්බවෙලා තිබුණලු ඩොලර් මිලියන දෙකක්. ඒ මුදල එහෙම්ම ප්‍රභාකරන්ට දුන්නා කියලා තමයි බැසිල් මට කිව්වේ.

බැසිල් ප්‍රභාකරන් හම්බවෙන්න ගියපු තැන කඳුකරයේ ද්‍රවිඩ දේශපාලකයෙකුත් ඉඳලා තියනවා. මට නමත් කිව්වා අහවලත් හිටියා කියලා. මම ඒ නම කියන්න කැමති නෑ. තාම ඉන්නවා ඔහු පාර්ලිමේන්තුවෙ.

“ඒ බෝට්ටුවලින් නෙමෙයිද යුද්ධය ඉවර වෙනකම් එල්ටීටීඊය නාවික හමුදාවට එළව එළවා ගැහුවේ.” සරත් ෆොන්සේකා ඇසුවේය. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය සඳහා ජාතික හමුදාවක් විනාශ කිරීමට සතුරන්ට දැන දැන අධාර කළ හැකි පුද්ගලයින්ට, හතලිස් අට දහසක් ජනතාවගේ ජීවිත විනාශවූ සුනාමි ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ දී ජාතියට ලැබුණු ආධාර ගසා කන්නට හැකි පුද්ගලයන්ට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මිනිසුන් 250ක් ඝාතනය කිරීම මහ ලොකු දෙයක් නොවන බව ෆීල්ඩ් මාෂල්වරයා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොඩි එවුනුත් හොඳටම දිනුම්!

Next Post

ඉන්දියාව සමග ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… එදාට බිල්ලො මවන එක නැති වේවි! ජනපති කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.