හැටන් රංජිත් රාජපක්ෂ –
නාවලපිටිය ෆයිනස් වන වගා රක්ෂිතයක ඊයේ (16) දින රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර පහලෝවක පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
මෙම ගින්න හටගෙන ඇත්තේ මාපකන්ද ප්‍රධාන මාර්ගයේ පන්විල ප්‍රදේශයේ නාවලපිටිය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය අසල පිහිටි වන වගා රක්ෂිත භූමියේය.
නාවලපිටිය ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම මාර්ගය හරහා ගමන් ගත් කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පැවති අධික වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය බවත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව පැතිර ගිය ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇති බවත් වාර්තා වේ.