අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාල ප්‍රබලයෙක් වූ  “සමන් කොල්ලාගේ “ නිවසට ඔහු විසින්ම වෙඩි තබා ගත් බවට සැකයක්!

by editor
මාර්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිවසට වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලීසිය මගින් අද (17) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (17) සවස බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙලපාර, ගලගොඩ, කුලීගොඩ පදිංචි වන්නිආරච්චි කංකානම්ගේ හරිස් ශ්‍රී ජයමාල් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

සැකකරු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔත්තු බලමින් වෙඩික්කරුවන්ට සහය වී තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම වෙඩි ප්‍රහාරය ‘සමන් කොල්ලා’ නැමැති අය විසින්ම සැලසුම් සහගතව සිදුකර ගන්නා ලද්දක්ද යන්න සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මතද වැඩිදුර විමර්ශණ සිදුකරන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

ඉකුත් 14 දින අළුයම එල්ල කරන ලද මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘සමන් කොල්ලා’ නැමැති අය විදේශ ගත වී සිටින බවට ඇතැමුන් ප්‍රකාශ කළත් ඔහුගේ නම හෝ ජාතික හැදුනුම්පත ඔස්සේ නීත්‍යානුකූලව විදේශ ගත වි නොමැති බවත් එම ප්‍රචාරය පොලීසිය නොමග යෑවීම සදහා කරන්නක්ද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. 

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති නිවසේ ‘සමන් කොල්ලා’ නැමැති අයගේ බිරිය, තවත් කාන්තාවක් සහ ළමයින් සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් නිවසට වෙඩි ප්‍රහාරයන් දහයක් පමණ එල්ල කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ තාප්පයට හා දොර ජනෙල් වලට හානි සිදුව තිබෙන බවත් එක් වෙඩි පහරක් අසල නිවසක ජනේලයකටද වැදී තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.

ගලගොඩ ද්විත්ව ඝාතනය

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ දී පසුගිය 11 වන දින රාත්‍රි 8.50 ට පමණ ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත්  පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට ‘සමන් කොල්ලා’ නැමැති අයගේ සම්බන්ධයෙක් තිබෙන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි. 

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කරන ලද මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ, ගලගොඩ පදිංචි සිතුම් සංජන හෙවත් ‘සුදූ’ නමින් හඳුන්වන 22 හැවිරිදි වෙළදසැලේ හිමිකරු ලෙස කටයුතු කළ තරුණයෙක් හා හලඹ උදේෂ් මධුරංග මෙන්ඩිස් (26) නැමැති තරුණයෙක් මිය ගියේය. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනා බලපිටිය හා කරාපිටිය රෝහල් වල ප්‍රතිකාර ලබන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීමක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවත් මියගිය පුද්ගලයින්ට අපරාධ චෝදනා නොමැති බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

 

    

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාවලපිටිය ෆයිනස් වන වගා රක්ෂිතයකට ගිනි තියලා… අක්කර 15ක් විනාශයි…

Next Post

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව සිංහල අවුරුද්දෙන් පසු පවත්වන්න… අධ්‍යාපන ඇමති   දැනුම් දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.