පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්නැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත දන්වා සිටී.
ඔහු පැවසුවේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
අධ්‍යාපන අමාත්‍යාවරයාගේ ඉල්ලීම ප්‍රතිචාර දක්වමින් දිවයින පුරා බොහෝ පාසල් මළල ක්‍රීඩා උත්සව සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම් සහ මළල ක්‍රීඩා උත්සව කල් දමා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඇමතිවරයා පැවසුවේ මින් කළින්ද මේ උපදේශය ලබා දුන් නමුත් මාධ්‍යවලින් පෙනෙන ආකාරයට ඊට නිසි ප්‍රතිචාර දක්වා නැති බවය. කරුණාකර ක්‍රීඩා උත්සව කල් දමන ලෙස ඇමතිවරයා පාසල් බලධාරීන් දන්වන බව කීවේය