බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි කරන්න… නාමල් නීති විභාගය ලියූ හැටි ප්‍රශ්න කරන්නට ගොස් මරණීය තර්ජන මැද රටින් පැන ගිය නීති සිසුවා අගවිනිසුරුට ලියයි!

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ කාමරයක සිට විභාගයට පෙනී සිට විභාගයේ සියලුම නීති උල්ලංඝනය කරමින් සිදුකළ අත්තනෝමතික හැසිරීම සම්බන්ධව පරීක්ෂණයක් කර නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව පැමිණිල්ලක් කර තිබේ.

ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි බවත්, විභාග ආරම්භයේදි ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතු පරිසරයක සිදුකළ මෙම විභාග අකටයුත්ත සම්බන්ධව ප්‍රශ්න කළ තමන්ට අවසන් වසර නීති විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවත් පැමිණිලිකරු දන්වයි.

එමෙන්ම ඔහු පවසන්නේ මේ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි අගවිනිසුරුටත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කාර්යාල කළමනාකරු (office manager) ලෙස කටයුතු කළ පුද්ගලයා එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් තම ජංගම දුරකථනයට කතා කර මරණීය තර්ජන එල්ල කළ බවය.

මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම තමන් පැහැර ගැනීමට ලක් වු බවත්,  තමන්ගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද බවත් වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකින් දිවි බේරාගත් බවත් කියන පැමිණිලිකරු අවසානයේ දී රටත් හැර යන්නට සිදුවූ  බව පවසන්නේ මේ සිදුවීම් නිසා තමන් රෝගයෙක් මෙන්ම සරණාගතයෙක් ද බවට පත් කර ඇති ආකාරය සම්බන්ධව අනුවේදනීය සටහනක් තබමිනි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

තුෂාර ජයරත්න

තුෂාර ජයරත්න සිය මුහුණු පොතේ තබා ඇති සටහන පහත දැක්වේ.

අගවිනිසුරු තුමා,
අගවිනිසුරු නිල මැදිරිය
අලුත් කඩේ,
කොළඹ.

ගරු අගවිනිසුරු තුමනි,

ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාගේ නම නිතිඥ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා කරන කාරුණික ඉල්ලිමයි.

දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න වන මගේ ජාතික හැදුණුම්පත් අංකය 720692368v වේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මාගේ ලියාපදිංචි අංකය 17988 වේ.

2010 ඔක්තෝම්බර් මස පැවති විභාගයේදි මම ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා සමග අවසන් වසර විභාගයට අපේක්‍ෂකයෙකු ලෙස පෙනි සිටියෙමි. එම විභාගයේදි ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල සාමාන්‍ය ශිෂ්‍යයන්ගෙන් වෙන් කොට A/C කාමරයක විභාගය ලියු අතර එදින ඔහු විභාගය ලියු මේසය මත අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක්ද තිබිනි. ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි අතර විභාග ආරම්භයේදි අප අපගේ ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතුය.

ගරු අගවිනිසුරු තුමනි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2010 ඔක්තෝම්බර් මස පැවති විභාගයේ ප්‍රශ්න පත්‍ර ගරු ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතාට කලින් ලබා දි තිබුනි. මේ සම්බන්ධයෙන් මා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි ගරු අගවිනිසුරු තුමාටත් අධිකරණ අමාත්‍යංශයේ ලේඛම් තුමාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කලෙමි. මෙම පැමිණිල්ලෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ (office manager) ලෙස කටයුතු කල ගජනායක මහතා මාගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් එවකට මා සතුව තිබු ජංගම දුරකථනයට මරණ තර්ජනය කරන ලදී.

එම තර්ජන හේතුවෙන් මා හට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් විෂය පරීක්‍ෂණයට පෙනි සිටිමට නොහැකි විය. ගරු අගවිනිසුරු තුමනි 2011 ජනවාරි 11වෙනි දින මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයේදි , මා විසින් චෝදනා 3 ක් සම්බන්ධයෙන් සාක්‍ෂි ඉදිරිපත් කලෙමි. එම චෝදනා වන්නේ.
ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට අන්තර්ජාල පහසුකම් සහිතව A/C කාමරයක් ලබා දෙමින්, ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට විශේෂ පහසුකම් විභාගයේදි ලබා දුන් බව සහ එමගින් විභාග රීති උල්ලංගනය වු බව.

විභාගට පෙර ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට ප්‍රශ්න පත්‍ර ලබා දි තිබු බව.

ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට ඉහත මා කරන ලද චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් මා හට මරණ තර්ජනය කල බව.

මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අද වෙනතුරු මා හට දැණුම් දි නොමැත. මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම මාව පැහැර ගැනිමට ලක් වු අතර මාගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද අතර තවත් වතාවකදි වෙඩි තැබීමකටද උත්සහ කරන ලදි.
ඒ සම්බන්ධයෙන් මා ශ්‍රී ලංකා පොලිසියටද, හිටපු ගරු අගවිනිසුරු තුමියටද, මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කලෙමි. එහෙත් ඔහුන් කිසිවෙකු ද මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු නොකරන ලදී.

මතු සිද්ධිය සම්බන්ධයෙන් මා නීතිඥ ලක්‍ෂාන් ඩයස් මහතා මගින් මානව හිමිකම් නඩුවක් ගොණු කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හේතු දැක්වීමකින් තොරව මාගේ මානව හිමිකම් නඩුව ඉවත දමන ලදී.
ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට එවකට සිටි ගරු අගවිනිසුරු තුමිය වන ශිරානි බන්ඩාරනායක මැතිනිය විසින් විශේෂ දිවුරුම් දිමක්ද ලබා දී තිබු අතර, ඇය ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා සමග සිය නිළ මැදිරිය තුඝ ඡායා රූප වලටද පෙනි සිටියාය. මෙම අවස්ථාව වෙනත් කිසිදු නීති ශිෂ්‍යයෙකුට මීට පෙර හෝ පසුව ලැබී නැත.

ගරු අගවිනිසුරුතුමනි ,ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා නැකතට දිව්රුම්දිමට අවස්ථාවක් ලබා දි තිබුණු අතර නැකතට පෙර ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාගේ නම කථා කිරීම සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණ රේජිස්ටාර් වරයාව සිටි මුදුන්කොටුව මහතා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලදී.

මතු සදහන් චෝදනා සම්බන්ධයෙන් ලිඛිත සහ වාචික සාක්‍ෂි ඉදිරිපත් කිරිමට මම සුදානමින් සිටිමි.

ශ්‍රී ලංකාවේ පැවති අනාරක්‍ෂිත තත්වය නිසා මා දැනට ස්විස්සර්ලන්තයේ දේශපාලන රැකවරන ලබා සිටිමි මා හට ශ්‍රී ලංකාවේදී සිදුවු වධ හිංසා හේතුවෙන් Post- traumatic stress disorder රෝගී තත්වයෙන් පසුවෙමි. මා මේ සම්බන්ධයෙන් දැනට ආසියාණු මානව හිමිකම් කොමිසම මගින් ජිනිවා මානව හිමකම් කොමිසමට පැමිණිල්ලක් ගොණුකර තිබේ

ගරු අගවිනිසුරුතුමනි ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා ඔබ තුමා යටතේ ඇති විනය කමිටුවට කැඳවා මතු සදහන් චෝදනා විභාග කොට ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිම.

මෙයට විශ්වාසී,

දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න. 

එම සටහන පහතින්

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් හැදෙයි.. ඉදිරි දින දෙක තුළ යළිත් උතුරු නැගෙනහිරට මහ වැසි ඇදහැලෙන ලකුණු…

Next Post

කෝටිපති ව්‍යාපාරිකයින්ට, පොලි මුදලාලිලාට, තොග කඩ සහිත ව්‍යාපාරිකයන්ට අස්වැසුම දීලා… දිඹුලාගල එදා වේල කන්න නැති අන්ත දුගී මිනිස්සු හූල්ලමින් අවනඩුව කියති…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.