ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටිපති ව්‍යාපාරිකයින්ට, පොලි මුදලාලිලාට, තොග කඩ සහිත ව්‍යාපාරිකයන්ට අස්වැසුම දීලා… දිඹුලාගල එදා වේල කන්න නැති අන්ත දුගී මිනිස්සු හූල්ලමින් අවනඩුව කියති…

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Aswesuma
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රජයේ අස්වැසුම සහනාධාරය ලබාදීමේදී ඉහළ ආදායමක් උපයන,කුඹුරු, යාන, වාහන තිබෙන අයවලුන්ටත් අස්වැසුම ප්‍රතිලාභය ලබාදීම තුළ තමන්ට එම අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ප්‍රජාව චෝදනා කරමින් සිටිති.

දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැලි වැලිමංකඩ හිමි, කැනීම් යන්ත්‍ර සූත්‍ර තිබෙන, යාන වාහන තිබෙන අයවලුන්ට පවා අස්වැසුම ලබාදී ඇති බවත්, විශාල ආදායමක් ලබන ඔවුන්ට අස්වැසුම ලබාදී ඇත්තේ කුමන නිර්ණායක පදනම් කරගෙනද යන්නත් ඔවුහු ප්‍රශ්න කරති.

ඇතැම් ගම්මානවල පොලියට මුදල් ලබාදෙන අයවලුන්ටත්, මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන ව්‍යාපාරිකයන්ටත් අස්වැසුම් ප්‍රතිලාභය ලබාදී ඇති අතර බොහෝ ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් සහ මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති සාමාජිකයින් සිටින පවුල්වලට, මව හෝ පියා අහිමි දරුවන් සිටින පවුල් වලට අස්වැසුම නොලැබෙන බවත්, එවැනි ඇතැම් පවුල්වලට ඉතා අඩු අස්වැසුම ප්‍රතිලාභයක් ලබාදී ඇති බවත් දිඹුලාගල, තමන්කඩුව, සහ වැලිකන්ද කොට්ඨාසවල ජනතාව ගේ ජීවන තත්ත්වයන් විමසීමේ දී පැහැදිලි වි ඇත.

අස්වැසුම ප්‍රතිලාභය ලබා දී ඇති නිර්ණායක පදනම් කරගනිමින් සුදුස්සාට ප්‍රතිලාභය ලැබෙන නිර්ණායක සකස් කිරීමට සහ එය මහජනතාවගේ දැනගැනීමට ප්‍රදර්ශනය කරන ලෙසටත්, සුදුස්සාට පමණක් අස්වැසුම ලබාදීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙසත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා ප්‍රමුඛ අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මේ ජනතා චෝදනා සම්බන්ධව අප ජාතික ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්ගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

” අස්වැසුම යනු පසුගිය ආණ්ඩුවේ චන්ද මෙහෙයුමක්… අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා සැකසූ නිර්ණායකවල විශාල අඩුපාඩුකම් රැසක් තිබෙනවා. සැබවින්ම අස්වැසුම ලැබීමට සුදුසු ප්‍රතිලාභීන්ට වර්තමානයේ අස්වැසුම ප්‍රතිලාභය නොලැබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ලබාගැනීමට ආරම්භ කරපු බැංකු ගිණුම්වලින් ඔවුන් මුදල් ලබා නොගෙන ස්ථිර ඉතිරි කිරීම් වශයෙන් එය පවත්වාගෙන යන බවට මට තොරතුරු ලැබී තිබෙනවා. ”

සුදුස්සාට අස්වැසුම ලබාදීමට හැකි චක්‍රලේඛනයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් නිකුත් කිරීමට කටයුතු කරන බවත්, සුදුස්සාට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ ක්‍රමවේදය සකසන බවත් නියෝජ්‍ය ඇමතිවරයා කීවේය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි කරන්න… නාමල් නීති විභාගය ලියූ හැටි ප්‍රශ්න කරන්නට ගොස් මරණීය තර්ජන මැද රටින් පැන ගිය නීති සිසුවා අගවිනිසුරුට ලියයි!

Next Post

ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛතාවයක්… ධීවර ඇමති දන්වයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.