ස්ත්‍රී දූෂණ චෝදනා මත බන්ධනාගාරගත වී සිටින ධනුෂ්ක ගුණතිලක පිළිබඳ නඩුව ලබන වසරේ ජනවාරි 12 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.
මේ වනවිට බන්ධනාගාරයේ පසුවන ඔහුට එරෙහිව විභාගවන නඩුවේ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පනවා තිබූ වාරණය ඉවත්කිරීමට අද (09) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
එම තීරණය සම්බන්ධයෙන් අද අධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ගෙන තිබිණි.
වීඩියෝ තාක්ෂණය හරහා අද දිනයේ ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.







