ප්‍රමාණවත් අයදුම්පත්‍ර නොලැබීම හේතුවෙන් මෙවර උසස්පෙල විභාග යේ පිළිතුරු පත්‍ර ඇගයීම් ඉල්ලුම් කිරීමෙ අවසන් දිනය දිනය දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ.
එම අවසන් දිනය ඊයේ (08) දිනට යෙදී තිබුණි.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අවශ්‍ය ගුරුවරු ප්‍රමාණයෙන් අඩක්වත් මේ වන විට ඉල්ලුම් කර නොමැති බවය.
පසුගිය උසස්පෙළ විභාග යේ උත්තර පත්‍ර ඇගයීම වෙනුවෙන් රුපියල් කෝටි සියයක මුදලක් ගෙවීමට තිබූ අතර ඉන් රුපියල් කෝටි හතලිහක මුදලක් ගෙවා තිබේ.
ඉතිරි කෝටි හැටක මුදල නොගෙවන්නේ නම් උත්තර පත්‍ර ඇගයීම වර්ජනය කරන බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් විභාග දෙපාර්තමේන්තුව ට ලිඛිතව දැනුම් දී තිබේ.
හිඟ මුදල් ගෙවීමට මහා භාන්ඩාගාරයෙන් තවත් කෝටි තිහක පමණ මුදලක් මේ වන විට දෙපාර්තමේන්තුව ට ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාසරට පැවසුවේ ය.
උසස්පෙල පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු ඉල්ලුම් නොකීරීම බරපතළ ගැටලුව ක් බවද හෙතෙම සඳහන් කලේය.







