දේශපාලන බැලකම් කරන්නට ගොස් නීතිය අයාලේ යවා රටම ලේ විලක් කිරීමේ අපරාධයට ජනතා චෝදනා ලද බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද මහ මගදී මිනිස්සුන්ගේ පහරකෑමට ලක් විය.
අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව විවෘතවන බේරේවැව වෑකන්ද මතින් දිවෙන පෙරහර මාවත ඔස්සේ ඔහු පැමිණෙන්නේ සිවිල් ඇඳුමින් සැරසීගෙනය. එසේ එන්නේ කිසිවෙකුට හඳුනාගත නොහැකි වීමට යැයි පැවසේ.
ඔහුව හඳුනාගත් මහ මග ගමන් කරමින් සිටි මිනිස්සු ඔහුව වාහනෙන් බස්සවනු ලබන්නේය. මේ අපරාධය සම්බන්ධව ප්‍රශ්න කරන්නේය. අනතුරුව පන්න පන්නා පහර දෙන්නේය.
වාහනය මග දමා අරලියගහ මන්දිරය තුළට දුවනතෙක්ම ඔහුට පහර එල්ලවුණු බව වාර්තා වේ.
මේ වනවිට ජීවිත නවයක් විනාශ වී 219ක් රෝහල්ගත කර බිලියන ගණනක් දේපල විනාශ කළ අපරාධය දේශපාලන බැලකම හේතුවෙන් වළක්වා නොගැනීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී ඇත.
මෙයත් කියවන්න….
දේශබන්දු තෙන්නකෝන් ගෝල්ෆේස් ගැටුම වැළැක්වීමට පොලිසියට බාධා කළා!.. පොලිසියෙන්ම චෝදනාවක්…