සිවිල් ඇඳුමින් අරලියගහමන්දිරය පැත්තේ සිට පැමිනෙද්දි මිනිස්සුන්ගේ පහරකෑමකට ලක්වුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙතන්නකෝන් ගේ හිසට තුවාල සිදුව ඇත.
හිසට මැහුම් 05ක් දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. එම තුවාලය හෙල්මට්ටුවෙන් එල්ලවුණු පහරදීමකින් සිදුවී ඇති බව විශ්වාස කෙරේ.
මුහුණ ඉදිමී ඇති බව කියයි. පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් මේ වන විට ඔහු රැදී සිටින ආරක්ෂිත ස්ථානයකට ගොස් ප්‍රතිකාර ලබාදී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කරයි.
පොලිස් රෝහලට හෝ වෙනත් රෝහලකට ප්‍රතිකාර සඳහා පැමිණ නැත්තේ අතර මඟදී තවත් ප්‍රහාරයක් එල්ලවනු ඇති බවට බියට පත්වය.