වසර දෙකකට පසු ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ වෛද්‍ය විද්‍යා අංශයේ පීඨාධිපති මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.
කොවිඩ් වකවානුවට පෙර ඩෙංගු උත්සන්න වූ අවධිවල අත්දැකීම දැන් අප විඳිමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.
2022 වසරේ රෝගීන් 70,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත් කර ඇත.
හෙට (30) සහ අනිද්දා (31) යන දෙදින සඳහා විශේෂ ඩෙංගු මර්දන දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළේය.







