දිනසේන රතුගමගේ –
ජාතික නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනයේ පුරා පෝස්ටර් අලවා තිබේ.
එම පෝස්ටර් වල සදහන් වන්නේ දූෂණය නැතිවන තුරු රට තුළ කිසිදු ජාතියකට නිදහසක් නොමැති බවය.
නිදහස් දිනය වර්ජනය කොට එදිනට කලු කොඩි ඔසවා තබන ලෙසත් එම පෝස්ටර්වල සඳහන්ව ඇත.
නිදහස් දිනයේදී උතුරු නැගෙනහිර ප්රදේශ වල පැවැත්වෙන විරෝධතා සදහා ජනතාව සහභාගී විය යුතු බවත් මෙම විරෝධතා යාපනය හා නැගෙනහිර විශ්ව විද්යාල ඒකාබද්ධව පවත්වන බවත් පෝස්ටර්වල සදහන් වේ.