විදුලි සංදේශ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව අන්තර්ජාල සහ දුරකථන ගාස්තු හෙට සිට ඉහළ යෑමට නියමිතය.







