සක්‍රයාගේ පුතා වයිමා මේ වෙලාවේ ආවත් පැන නැගී ඇති ආහාර අර්බුදය විසදීමට කඩිනම් විසඳුම් සෙවිය නොහැකි යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
සහල් හිඟය ලබන ඔක්තෝමබර් මාසයෙන් පසුව දැඩිව බලපානු ලබන බවත් එයට පිළියමක් ලෙස ඉන්දියාවෙන සහල් ණයට ආනයන කිරීමට සිදුවනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.
ඇති වී තිබෙන මෙම තත්ත්වයට දේශපාලඥයින් පමණක් නොව නිලධාරීන් සහ මහජනතාවත් වගකිව යුතු යැයිද පෙන්වා දෙන ඇමතිවරයා , ආණ්ඩුවෙන් පිනට කන්න දෙනතුරු බලා නොසිට ආහාර සුරක්ෂිතතාවය වෙනුවේන පුංචි හෝ දායකත්වයක් ජනතාවගෙන් රටට අවශ්‍ය බව කීවේය.