කොළඹ දුම්රිය අංගන 05 හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවන් හා තාක්ෂණික ශිල්පීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.
මාස කිහිපයක සිට දුම්රිය අංගන වල සේවයේ නියතු දුම්රිය සේවකයන්ගේ දිරි දීමානා ගෙවීම සිදු නොකිරීම මත එම සේවකයන් අද දින උදෑසන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක අවතීර්ණය වී සිටිය.
ඒ හේතුවෙන් උදෑසන 10 න් පසුව ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 6 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ අතර , කොළඹ කොටුව සිට මහනුවර බලා පෙරවරු 10.40 ට ගමන් ආරම්භ කරන ටිකිරි මැණිකේ දුම්රිය ද එයට ඇතුළත් විය.
උදෑසන හා දහවල් ධාවනය වූ දුම්රිය ප්‍රමාද වීම සහිතව ධාවනය වූ අතර, එම වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාකින් අනතුරුව එම දීමනාව මෙම මස 25 වන දින ගෙවීමට වූ පොරොන්දුව වී තිබේ.
ඒ අනුව සවස 2.30 ට පමණ එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එම සේවකයන් කටයුතු කොට ඇත.
සවස දුම්රිය ධාවනය සඳහා එමගින් විශාල බලපෑමක් සිදු නොවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.







