බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් අනුමැතිය ලැබුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනට ඉහළ ලකුණු සහිත 10 %ක් සඳහා  ශිෂ්‍යත්ව දෙනවා

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මෙසේද පැවසීය.

අධ්‍යාපන කටයුතු සඳහා අපේ රටේ දරුවන් කී දෙනෙක් විදේශ ගත වී සිටිනවා ද? අපේ රටේ දරුවන්ට අවශ්‍ය පහසුකම් හා අවස්ථාව අපේ රට තුළම ලබා නොදීම අපරාධයක්.  නව වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පවතින ප්‍රමිතීන් ආරක්ෂා කරගෙන නව වෛද්‍ය විද්‍යාල කටයුතු කළ යුතු වෙනවා.

මේ සඳහා සම්බන්ධ වන මහාචාර්යවරුන් අපේ රටේ වෛද්‍ය විද්‍යාලවල උපදේශකවරුන් වශයෙන් කටයුතු කළ අය. ආචාර්ය මණ්ඩලය සඳහාත් අවම සූදුසුකම් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට පිළිගත් වෛද්‍ය විද්‍යාලවල කටයුතු කරන ආකාරයෙන්ම හෝ ඊට එහා ගිය මට්ටමකට එම කටයුතු පවත්වාගෙන යා යුතුයි  කියා නීති පනවා තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ වගේම එම වෛද්‍යවිද්‍යාලවලට ආරෝග්‍යශාලා තුනක් ද ඇතුළත් කර තිබෙනවා. මූලික සුදුසුකම් සහිත, වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් මේ රටේ සිටිනවා. ඒ නිසා  10%ක ප්‍රතිශතයක සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් මම පෞද්ගලිකව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා. ‍

වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළුව සමස්ත බුද්ධි ගලනය සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩුවකින් සිදුවන දෙයක් නොවන බව කිවයුතුයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස 2019 රටේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ආදායම් ප්‍රමාණවත් නොවීම සහ වියදම් අධික වීම වැනි කාරණා දැක්විය හැකියි.

විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යෑම මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම සහ වෛද්‍යවරුන්ගේ මාසික වේතනය ද මීට බලපා තිබෙනවා. වෛද්‍යවරුන් මුහුණ දී සිටින මෙවැනි ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා අවධානය යොමු කර තිබෙනවා. එතුමා ඉදිරි අයවැයෙන් පසුව මේ සඳහා විසඳුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් රජයෙන් කළහැකි සියලු දේ ඉටු කරමින් සිටිනවා.

එංගලන්තය වැනි රටවල සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් අපේ රටට වඩා දස ගුණයක පමණ වැටුප් ලබා දෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වෙනුවෙන් එංගලන්තයට පුළුවන් ඊට වඩා දසගුණයක වේතනයක් ලබා දෙන්න. ඒ නිසා මෙම ගැටලු වෙනුවෙන් කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා.

අප රටේ වෛද්‍ය පීඨ 13ක් පමණ තිබෙනවා. නමුත්  ඒවා සඳහා බඳවා ගනු ලබන්නේ 2000ක පිරිසක් පමණයි. ඒ නිසා එම ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍යයි. ඒ සඳහා හැකියාව තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. මූලික සුදුසුකම් තිබෙන සිසුන්ට අවස්ථාව ලබා දිය යුතුව තිබෙනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය වැඩ වර්ජනය අවසන්…..

Next Post

යළිත් දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරු සංගමය අද දින රාත්‍රී වෘත්තීය ක්‍රියාමාර්ගයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.