ප්රීමා පිටි ප්රවාහන කරන දුම්රියේ එන්ජිම කොළඹ සිට සීදුව බලා ධාවනය කිරීමේ දී රාගම හා ජා ඇල දුම්රිය ස්ථාන අතර දී පීලි පැන ඇත.
එන්ජිමේ රෝද දෙකක් පිලී පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇත.
පවතින තත්ත්වය තුළ පුත්තලම් මාර්ගයේ ඉහළ මාර්ගය අවහිරවීම නිසා කොළඹ සිට පුත්තලම දෙස ධාවනය වන දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ දී ප්රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ වන විට එම එංජිම පිලී ගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානය වෙත ලඟා වී ඇත.